බණ්ඩාරහේන දී 11 හැවිරිදි හිමිව, ස්වාමීන් වහනසේ නමක් බරපතල ලෙස දූෂණය කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 4, 2017

බණ්ඩාරහේන දී 11 හැවිරිදි හිමිව, ස්වාමීන් වහනසේ නමක් බරපතල ලෙස දූෂණය කරයි

ආරච්චිකට්ටුව - බණ්ඩාරහේන ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරමින් සිටි වයස අවුරුදු 11 ක් වන සාමනේර නමකට බරපතල ලිංගික අපරාධයක් සිදු කළ බව කියන 22 හැවිරිදි ස්වාමීන් වහනසේ නමක්ව ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.

ඊයේ (04) වැනිදා සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා. අපයෝජනයට ලක්ව ඇති සාමනේර ස්වාමීන් වහන්සේ මේ වන විට හලාවත මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අතවරයට ලක්ව ඇති සාමනේර ස්වාමීන් වහන්සේ සමග තවත් කුඩා සාමනේර ස්වාමීන් වහන්සේ නමක් සමග විහාරස්ථානයේ වැඩ වාසය කර ඇත.

වහන්සේ සිව්රු හැර විහාරස්ථානයෙන් පිටව ගිය පසුව අතවරයට ලක්ව ඇති සාමනේර හිමියන්  විහාරස්ථානයේ තනි වී තිබෙනවා. රාත්‍රී කාලයේ තනිවම නිදා ගැනීමට මෙම සාමනේර නම ඇකමැත්ත පළ කිරීම නිසා සැකකාර ස්වාමීන් වහන්සේ සාමනේර හිමියන්ව තම කුටියට කැඳවා ගෙන ගොස් ඇත. පසුගිය අගෝස්තු මස 31 වැනිදාද සැකකාර ස්වාමීන් වහන්සේ විසින් සාමනේර නම අපයෝජනයට ලක් කර තිබෙනවා.

පසුව අවස්ථා කීපයකදී සැකකාර ස්වාමීන් වහන්සේ විසින් සාමනේර නමට ලිංගික අතවර සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම සිද්ධියෙන් පසුව රෝගී තත්ත්වයට පත්ව ඇති සාමනේර හිමියන් ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සිද්ධිය අනාවරණය වී ඇත්තේ. මේ සම්බන්ධයෙන් හලාවත මහා රෝහල, ආරච්චිකට්ටුව පොලිසියට දැණුම් දීමෙන් අනතුරුව සැකකාර ස්වාමීන් වහන්සේ අත්අඩංගුවට ගෙන  තිබෙනවා. ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු පවත්වනු ලබනවා.

ජුඩ් සමන්ත - පුත්තලම

No comments:

Post a Comment

Post Bottom Ad