සැප්තැම්බර් 20 සිට 26 දක්වා ජාතික මදුරු මර්දන සතියක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, September 9, 2017

සැප්තැම්බර් 20 සිට 26 දක්වා ජාතික මදුරු මර්දන සතියක්

DENGU-D

ඊසාන දිග මෝසම් වාර්ෂාව සමග ඩෙංගු රෝගය යළි ව්‍යාප්ත විය හැකි බැවින් ආරම්භ කර ඇති ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ජාතික ඩෙංගු මර්දන ඒකකයට අද (07) දැනුම් දි තිබේ.

මේ වන විට දිවයින පුරා වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවේ සැළකිය යුතු අඩුවීමක් දක්නට ලැබේ. 2017 වසරේ ගත වූ කාලය තුල ඩෙංගු රෝගීන් 148000 ක් වාර්තා වී ඇත. පසුගිය කාලයේ සතියකට ඩෙංගු රෝගීන් 10,000 ක් වාර්තා වුවද මේ වන විට සතියකට ඩෙංගු රෝගීන් 1500 කට අවම සංඛ්‍යාවක් වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරයි. ඊශාන දිග මෝසම් වර්ෂාවත් සමග උතුරු සහ නැගෙනහිර පළාත්වල මෙන්ම දිවයින පුරා තවත් දිස්ත්‍රික්ක ගණනාවක ඩෙංගු රෝගීන් යළි වැඩී වීමේ අවධානමක් පවතී. 

කොළඹ, ගම්පහ, කලුතර, කුරුණෑගල, පුත්තලම, රත්නපුරය, කෑගල්ල, ගාල්ල, මාතර, යාපනය, මඩකළපුව, ත්‍රිකුණාමලය, කල්මුණේ සහ මහනුවර යන දිස්ත්‍රික්කවල යන ප්‍රදේශවල ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමේ අවධානමක් පවතින බව අනාවරණ කරගෙන ඇත. එබැවින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත සැප්තැම්බර් 20 සිට 26 දක්වා ජාතික මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කිරිමට සෞඛ්‍ය අමාත්‍යශය සැලසුම් කර ඇත. 

ජනාධිපති කාර්ය සාධක බලකාය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, ප්‍රජා සෞඛ්‍ය කණ්ඩායම් 3000 ක් මෙම වැඩසටහනට එක්වීමට නියමිතය. තවද, කීට විද්‍යා සමීක්ෂණ දත්තයන්ට අනුව නිවාස වලට අමතරව ආයතන, වැඩබිම්, කර්මාන්තශාලා, පාසල් හා ආගමික ස්ථාන අවදානම් පරීශ්‍ර ලෙස හඳුනාගෙන ඇත. එබැවින් එම පරීශ්‍රයන්හි මදුරුවන් බෝවීමට හැකි ස්ථාන සොයාබලා ඉවත් කිරීම අඛණ්ඩව සිදුකල යුතු අතර ඒ සඳහා සියලුම ආයතන ප්‍රධානීන් හා නිවෙස් හිමියන්ගේ සක්‍රීය දායකත්වය බලාපොරොත්තු වේ.

ඩෙංගු රෝගය වලක්වාලීම සහ පාලනය සඳහා කඩිනම් අන්තර්පාර්ශවීය වැඩසටහනට අනුගතව අධ්‍යාපන අමාත්‍යාංශය මගින් දිවයින පුරා පාසල් තුල ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ තුලින් පාසල් පරීශ්‍ර ඩෙංගු මදුරුවන්ගෙන් තොර කලාප බවට පත්කර දරුවන්ගේ ආරක්ෂාව තහවුරුකරගැනීම අරමුණ වේ. තවද, මෙම තත්වය පාලනය කරගැනීමෙන් පාසල් පරිසරය සෞඛ්‍යමත් ආකාරයට පවත්වාගෙන යාමට අඩිතාලමක් වැටේ.

පළාත් පාලන ආයතන විසින් අප විසින් බැහැර කරන ලද කසළ වර්ගීකරණය කර ලබාගැනීම සහ ප්‍රතිචක්‍රීකරණය ට යොමු කිරීම, පොලිතීන් භාවිතයෙන් ඉවත්වී ඒ සඳහා පරිසර හිතකාමී ක්‍රමවේදයන් හඳුන්වාදීම තුලින්ද ඩෙංගු මදුරුවාගේ පැතිරීම අවම කරගැනීම සඳහා මහත් පිටුවහලක් වේ. මේ වනවිට ඩෙංගු රෝගීන් වාර්තාවීමේ අඩුවීමක් දැකිය හැකි වුවද,දැනට පවතින වැසිසහිත කාලගුණ තත්වය අනුව රෝගය පැතිරීමේ හැකියාව තවදුරටත් පවතින බැවින් තම තමන්ගේ පරීශ්‍ර මදරුවන්ගෙන් තොරව තබා ගැනීම දිගින් දිගටම කලයුතු වේ.

තද උණ සමඟ හිසරදය, මස්පිඩු හා සන්ධි වේදනාව, ඔක්කාරය හා වමනය, සමෙහි රතු ලප හටගැනීම හා රුධිර වහන තත්වයන් ඇති විට ඒ සඳහා සම්පුර්ණ රුධිර පරීක්ෂාවක් කර ගැනීම සහ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම අනිවාර්ය වේ.

No comments:

Post a Comment

Post Bottom Ad