ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් විසි ලක්ෂයක් බඳවා ගැනීමේ ඉලක්කය සම්පූර්ණ කර ගැනීමට එම පක්ෂයට හැකිවූ බව පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවැසීය.
බලාපොරොත්තු වූවාටත් වඩා ඉක්මනින් මෙම ඉලක්කය සම්පූර්ණ කළ හැකිවූ බව ද පක්ෂය ජනගත කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමත් සමඟ සාමාජිකයන් බඳවා ගැනීම බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් පසුගිය මාස දෙකක කාලයක් දිවයින පුරා ක්‍රියාත්මක කළ බවත්, හෙතෙම කීය.
“රට රකින, ගම හදන, ඔබ නඟන ” යන තේමාව යටතේ දිවයින පුරා පක්ෂයේ ආරම්භක සෘජු සාමාජිකයන් විසිලක්ෂයක් බඳවා ගැනීම කළ අතර එම ඉලක්කය සම්පූර්ණ කළත් තවදුරටත් සාමාජික ප්‍රවර්ධන වැඩපිළිවෙළ යටතේ සාමාජිකයන් බඳවා ගැනීම ගෙයක් ගෙයක් පාසා ගොස් සිදුකරන බවත් එම ප්‍රකාශකයා කීය.
කෙටි කාලයකින් මෙම ඉලක්කය සම්පූර්ණ කර ගැනීමට හැකිවීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලද විශාල ජයග්‍රහණයක් බව පැවසූ හෙතෙම සාමාජිකයන් බඳවා ගැනීමෙන් පසු පක්ෂ ව්‍යවස්ථාව අනුව ශාඛා සමිති, තරුණ සංවිධාන ඇතුළු සමිති පිහිටුවා ලියාපදිංචි කරන බවද පැවසීය.
Monday, September 4, 2017
පොදුජන පෙරමුණේ ලක්ෂ 20 ඉලක්කය සම්පුර්ණයි
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment