පැයට කි.මී 295 දරුණුම සුළි කුණාටුවක් නිසා ඇමරිකානුවන් අවදානමේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, September 5, 2017

පැයට කි.මී 295 දරුණුම සුළි කුණාටුවක් නිසා ඇමරිකානුවන් අවදානමේ


වේගය පැයට කිලෝ මීටර 295 දක්වා ඉහළ අගයක් දරන කාණ්ඩ අංක 5 දරුණුම සුළි කුණාටුවක් නිසා ඇමරිකානුවන් බියට පත්ව සිටී. ‘ඉර්මා’ නමැති සුළි කුණාටුව දශකයකින් පසු අත්ලාන්තික් සාගරයේ හටගත් දරුණුතම චණ්ඩමාරුතය ලෙස හඳුනාගෙන තිබේ. 

මෙය සතියක් තුළ අමෙරිකාව මුහුණ දෙන දෙවැනි දරුණු සුළි කුණාටුව වන අතර පසුගිය සතිය අවසානයේ අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තය හරහා හමාගිය හාවී සුළි කුණාටුවෙන් 38 දෙනෙක් මිය ගිය අතර, ලක්ෂයකට අධික පිරිසක් අවතැන් විය. මේ වනවිට කුඩා දූපත් සමූහ වලට මෙහි බලපෑම එල්ලවී ඇත.

Antigua, Barbuda, Anguilla, Montserrat, St Kitts and Nevis Saba, St Eustatius and St Maarten Saint Martin and Saint Barthelemy British Virgin Islands US Virgin Islands Puerto Rico, Vieques, and Culebra Dominican Republic from Cabo Engano to the northern border with Haiti Guadeloupe යන දූපත් වලයට දැනටමත් අනතුරු අඟවා ඇති අතර පසුව එය අමෙරිකාවේ ෆ්ලෝරීඩා ප්‍රාන්තය දෙසට ඇඳී එනු ඇතැයි විශ්වාසය කෙරේ. ඉර්මා සුළි කුණාටුව අංක පහේ, එනම් දරුණුතම ගණයේ චණ්ඩ මාරුතයක් ලෙස නම් කර ඇත.

කුණාටුව තුළ භ්‍රමණය වන සුළගේ වේගය පැයට කිලෝ මීටර 295 දක්වා ඉහළ ගොස් තිබේ. එහෙත් කුණාටුව ඉදිරියට ගමන් කරන්නේ පැයට කිලෝ මීටර 24ක වේගයෙනි. ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා ඉවත්වන ලෙසට රජය දැනුම් දී ඇති අතර කුණාටුව පැමිණීමට පෙරාතුව සියලු ගුවන් ගමන් අත්හිටුවීමට දන්වා තිබේ. මෙමගින් සිදුවිය හැකි අනතුරු භයානක විය හැකි බව එරට කාලගුණ ආයතන දන්වා ඇත.





No comments:

Post a Comment

Post Bottom Ad