පාර්ලිමේන්තුවේ කෑම මිළ වැඩි කරයි – මැති ඇමති ජීවන වියදම ඉහළට! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 7, 2017

පාර්ලිමේන්තුවේ කෑම මිළ වැඩි කරයි – මැති ඇමති ජීවන වියදම ඉහළට!

එදිනෙදා සාමාන්‍ය ජනතාවගේ කෑම බීම වල මිල ගණන් ඉහල පහල යන එක ගැන හැමෝටම අසන්නට ලැබුනත් පාර්ලිමේන්තුවේ සිටින මැති ඇමතිවරුන්ගේ කෑම බීම සහ එයට දරන වියදම ගැන අහලා නැහැ සහ ඇහුවොත් පුදුම වෙයි. කෙසේ නමුත් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුවේ ලබාදෙන කෑම වල මිල ගණන් වල වෙනසක් සිදුකර තිබෙනවා.

කථානායක කරුජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු ගෘහ කාරක සභා රැස්වීමේදී ගත් තීරණයක් අනුවය. මෙලෙස මිල වැඩිකිරීමක් කර ඇත්තේ වසර 8 කට පසු වීම විශේෂත්වයක්. ඒ අනුව නව මිල දර්ශකය නම්,

උදේ කෑම වේල – රුපියල් 60 ක් ව තිබු එක රුපියල් 100 යි
දවල් කෑම වේල – රුපියල් 150 ක් ව තිබු එක රුපියල් 200 යි
තේ සහ කෙටි කෑම – රුපියල් 25 ක් ව තිබු එක රුපියල් 50 යි
බැදපු මාළු (ග්‍රෑම් 200) – රුපියල් 45 ක් ව තිබු එක රුපියල් 100 යි
බැදපු කුකුල් මස් – රුපියල් 44 ක් ව තිබු එක රුපියල් 100 යි
බිත්තර 4ක ඔම්ලට් එකක් – රුපියල් 18 ක් ව තිබු එක රුපියල් 25 යි

මැති ඇමතිවරුන්ට අමතරව පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය, මැති ඇමතිවරුන්ගේ අමුත්තන් සහ මාධ්‍යවේදීන්ට ලබාදෙන ආහාර වේලේද මිල ගණන් ද ඉහල නැංවීමට තීරණය කර ඇත.

උපුටා ගැනීම – අපි ශ්‍රීලංකන් බ්‍රෝ වෙබ් අඩෙවියෙනි

No comments:

Post a Comment

Post Bottom Ad