හිටපු නි.ඇමැති සරණ රිමාන්ඩ් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 4, 2017

හිටපු නි.ඇමැති සරණ රිමාන්ඩ්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිව සිටියදී සිදුවූ බව කියන අයථා සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

සරණ ගුණවර්ධන මහතා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරමින් සිටිය දී 2008 වසරේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වී තිබේ. ලොතරැයි මණ්ඩල පනත අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමෙන් පසු ඔහුට ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ නොහැකි වුවත් බලහත්කාරයෙන් දිගටම එම ධුරයේ රැඳී සිට ඇතැයි පොලිසිය සඳහන් කරයි.

එලෙස රැඳී සිටින අතරතුර ප්‍රසම්පාදන මණ්ඩලයේද සභාපතිවරයා ලෙස කටයුතු කරමින් රුපියල් අසූ ලක්ෂ අනූ පන් දහසක ජීප් රියක් ආනයනය කර ඇතැයි ද, එය වරායට පැමිණි වහාම ගුණවර්ධන මහතා එය ගෙන ගොස් ඇතැයි ද, වාහනය ගෙන ගොස් ඊට පසු දින ලොතරැයි මණ්ඩල සභාපති ධුරයෙන් ඉවත් වී ඇතැයි ද පොලිසිය පැවසී ය. ඔහු ගෙන ගිය ජීප් රිය මේ වන විට සොයා ගැනීමට නොහැකි වී ඇති බැවින් පොදුදේපොළ පනත යටතේ සරණ ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගනු ලැබීය.

No comments:

Post a Comment

Post Bottom Ad