අහසින් වැටුන අරුම පුදුම දේව දූතයා - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 4, 2017

අහසින් වැටුන අරුම පුදුම දේව දූතයා

ඇත්තටම මේ අදහාගත නොහැකි පුවත වාර්තා වන්නේ එංගලන්තයෙන්. තටු සිඳී ඇති වැටී සිටින මේ දෙවදුතයා දුටු කවුරුත් මවිතයට පත් උනා. මේ දෙවදුතයා කොහෙන් කඩා පාත් උනාද කියල මේක දැකපු අයටනම් හිතාගන්න බැරි උනා. හොඳටම ලංවෙලා බැලුවත් මේ බොරු දෙවදුතයෙක්ද කියල කාටවත්ම ඒකත් සොයාගන්න බැරිඋනා. 

අල්ලලා බැලුවම ඇත්තම ලේ, මස් නහර වලින් තැනුණු දේවදුතයෙක්. දේවදුතයාව බලන්න මවිතයෙන් පිරිස වටේ එකතු උනාට ඇත්තට මේක ඇස් රවටන නිර්මාණයක්. බිජිං හි කලාකරුවන් වන සහ යන දේපළ තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. මේක බලන්න ආපු අය හිතුවේ මේක ඇත්තටම නිර්මාණය කරලා තියෙන්නේ මානව පටක යොදාගෙන කියල. ඒ තරමට මෙය ඇත්තටම සජීවී දෙවදුතයෙකුගේ මෙන් පෙන්නුම් කරා. මේක බලන්න ආපු අයට ඇත්තටම අදහාගන්න බැරි උනා කියල තමයි කියන්නේ. 

ඇත්තටම මේක නිර්මාණය කිරීමට යොදාගෙන තියෙන්නේ සිලිකා ජෙල්, ෆයිබර් ග්ලාස්, මල නොකන වානේ, සහ වියන ලද දැලක්.ඇත්තටම මේ නිර්මාණයේ තේමාව උනේ අහසින් වැටුණු දෙවදුතයා යන්නයි. මේ දෙවදුතයාගේ තටු හරියට පිහාටු ගලවපු කුකුලෙක්ගේ මෙන් නිර්මාණය කරලා තිබ්බා. ඔයාලත් බලන්න මේ විස්මිත නිර්මාණය දිහා.

No comments:

Post a Comment

Post Bottom Ad