නීතිය දේශපාලනීකරණය වීමෙන් වැරදිකරුවන් රැසකට දඩුවම් ලැබුනේ නෑ - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, September 9, 2017

නීතිය දේශපාලනීකරණය වීමෙන් වැරදිකරුවන් රැසකට දඩුවම් ලැබුනේ නෑ

RW_POLISCE

නීතිය හා සාමය ඇති කරන පොලිසිය රටේ සියලුම දෙනාට සමානව සලකන්නේ නැතිනම් අප බලාපොරොත්තු වන සමගිය ඇති කිරීමට නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. 151 වැනි පොලිස්‌ දින සැමරුම් උත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ නීතිය දේශපාලනීකරණය වීමෙන් පසුගිය කාලයේ වැරදිකරුවන් රැසකට දඬුවම් දීමට නොහැකි වු බවයි.

"අද පොලිසිය නිසි අයුරින් ක්‍රියාත්මක වෙමින් ආරක්‌ෂාව සහ සුරක්‌ෂිත භාවය ඇති කර තිබෙන නිසා රටේ කලබල, කෝලාහල ඇති වන්නේ නැහැ. පොලිසිය එක්‌ ජාතියකට හෝ ආගමකට උදව් උපකාර කරමින් අනෙක්‌ වැසියන්ට මදිපුංචිකම් කිරීමක්‌ දැන් සිදු වන්නේ නැහැ. ඒ ආකාරයට ජාතික සමගිය ඇති කිරීම සඳහා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්‌ඩුව මෙවැනි පියවර ගණනාවක්‌ ගෙන තිබෙනවා. "

"නමුත් නීතිය හා සාමය ඇති කරන පොලිසිය රටේ සියලුම දෙනාට සමානව සලකන්නේ නැතිනම් අප බලාපොරොත්තු වන සමගිය ඇති කිරීමට නොහැකි වෙනවා. එම වැඩකටයුත්ත පොලිසියෙන් මේ වන විට ඉටු වෙමින් පවතිනවා. ඒ වගේම නීතියට අනුව ක්‍රියා කරන නිසාත්, මානව හිමිකම්වලට ගරු කරන නිසාත් අද ජාත්‍යන්තරයේ ගැටලුවලට අපි මුහුණ දෙන්නේ නැහැ. එදා අපේ රට සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ විශාල ප්‍රශ්න ඇතිව තිබුණා. නමුත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රමුඛ මේ ආණ්‌ඩුව එම ගැටලු විසඳා අවසන් කිරීමට ක්‍රියා කරමින් සිටිනවා. ඒ සඳහා පොලිසියෙන් ලැබෙන සහයෝගය අපි ඉතා අගය කරනවා. "

No comments:

Post a Comment

Post Bottom Ad