වව්නියාවේ ව්‍යාපාරිකයා කපා කොට පලායයි (PHOTOS) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 4, 2017

වව්නියාවේ ව්‍යාපාරිකයා කපා කොට පලායයි (PHOTOS)

වවුනියාව කුරුමන්කාඩුව ප‍්‍රදේශයේ කායවර්ධන මධ්‍යස්ථානයක හිමිකරුවෙකුට පිරිසක් විසින් ඊයේ රාත්‍රියේ (03) තියුණු ආයුධවලින් කපා කොටා පලා ගොස් ඇති බවට වව්නියාව පොලීසිය කියා සිටියේය.

ඊයේ රාත‍්‍රී 10.20ට පමණ අදාල කායවර්ධන මධ්‍යස්ථානයේ හිමිකරු එම මධ්‍යස්ථානයේ රැඳී සිටි අවස්ථාවේදී මුහුණ ආවරණය කොට කඩු රැගෙන පැමිණි පිරිසක් මෙම පහරදීම සිදු කොට කාය වර්ධන මධ්‍යස්ථානයේ භාණ්ඩ වලටද හානි කොට පලා ගොස් ඇත. මෙහිදී කැපුම් තුවාල ලත් ව්‍යාපාරිකයා වව්නියාව මහ රෝහලට ඇතුලත් කොට ඇති අතර පහරදුන් පිරිස කවුරුන්දැයි මෙතෙක් අනාවරණ වී නොමැති හෙයින් මෙය පෞද්ගලික ආරවුලක් හේතුවෙන් සිදු වූ පහරදීමක් යැයි සැක කරන බවට පරික්ෂණ සිදු කරන වවුනියාව පොලිසිය වැඩිදුරටත් කියා සිටියේය.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

No comments:

Post a Comment

Post Bottom Ad