“මම ක්‍රිකට් කාල ගිහින්නේ තියෙන්නේ. ඉතින් මම හිතන්නේ නැහැ මගෙන් මොකුත් කරන්න දෙයක් තියෙනවා කියලා”- සනත් සමුගනිමින් කල සංවේදී කතාව (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 7, 2017

“මම ක්‍රිකට් කාල ගිහින්නේ තියෙන්නේ. ඉතින් මම හිතන්නේ නැහැ මගෙන් මොකුත් කරන්න දෙයක් තියෙනවා කියලා”- සනත් සමුගනිමින් කල සංවේදී කතාව (VIDEO)

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති පදවියෙන් හිටපු නායක සනත් ජයසූරිය ඊයේ  (සැප් 06) සමු දුන්නේය. ඒ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර විස්සයි විස්ස තරගයට අවසන් වරට කණ්ඩායමක් තොරා දීමෙන් අනතුරුවය.

දිගින් දිගටම ක්‍රිකට් කණ්ඩායම ලද පරාජයන්හි වගකීම බාර ගනිමින් තමන් ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉවත්වුණු බව තරගය අතරතුර බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් සනත් ජයසූරිය පැවසීය. “යොවුන් කණ්ඩායමක් ඉන්නේ, ඔවුන්ට අපි හැමෝම ක්‍රීඩකයෝ උදව් කරන්න ඕන වෙලාවේ, මම දැක්කා ඒක බොහොම අඩුවෙන් ලැබුණේ කණ්ඩායමේ ක්‍රීඩකයන්ට, ක්‍රීඩකයෝත් මානසිකව වැටිලා ඉන්නේ”
“තේරීම් කමිටුව ලෙස අපි හිතුවා අපි මේ වගකීම බාර ගන්න ඕන කියලා. ඒ වගකීම බාර ගන්නේ පරාජය වුනාම විතරයි, දිනනකොට කවුරුත් මොකුත් කියන්නේ නැහැ”

සනත් ජයසූරිය තම ධුරයෙන් ඉල්ලා අස්වීම “ක්‍රිකට් කාපු සනත්ගේ ඉවත්වීමක්” ලෙස ඇතැම් අය හැඳින්වූ අතර ඒ ගැන විමසීමේදී සනත් ජයසූරිය පැවසුවේ එසේ ප්‍රකාශ කළ අයට ක්‍රීඩා ලෝලීන්ම පිළිතුරු ලබාදී තිබුණු බවය. “හැමවිටම ක්‍රීඩා කරන්න පුළුවන් ක්‍රීඩකයන්ගෙන් හොඳම කණ්ඩායම අපි තෝරලා තියෙනවා, අඩුපාඩු තියෙන්න ඇති හැබැයි අපි හැමවිටම උත්සාහ කළේ අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න”

ආබාධ

සනත් ජයසූරිය ඇතුළු වත්මන් තේරීම් කමිටුවට එල්ල වුණු ප්‍රභලතම චෝදනාව වුයේ නිතරම කණ්ඩායම වෙනස් කරමින් ස්ථාවරව ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයන්ට නිසි ලෙස අවස්ථාව ලබානොදීම ගැනය. ක්‍රීඩකයන් 50කට අධික පිරිසක් පසුගිය කාල වකවානුවේ ශ්‍රී ලංකාව නියෝජනය කර තිබුණි. එම චෝදනා ප්‍රතික්ෂේප කරන සනත් ජයසූරිය කණ්ඩායමේ ක්‍රීඩකයන්ට නිතර සිදුවූ ආබාධ එලෙස කණ්ඩායම වෙනස්කිරීමට හේතුවූ බව පැවසුවේය. “අපි දැක්කා කොයිතරම් ක්‍රීඩකයෝ ආබාධයට ලක්වෙලා තියෙනවද කියලා, මේ දේ දන්නේ නැතුව අපේ පරණ ක්‍රීඩකයෝ හැමදෙනෙක්ම කතාකරනවා කී දෙනෙක් ක්‍රීඩා කරා ද කියලා” “දැන් අද තරගයේ මිලින්ද සිරිවර්ධන ආබාධයට ලක්වෙලා, එතකොට මම මොකක්ද කරන්නේ?” යනුවෙන් ඔහු ප්‍රශ්න කළේය.

2011 ලෝක කුසලානය

2011 ලෝක කුසලාන අවසන් තරගයේ ඇන්ජෙලෝ මැතිව්ස් ආබාධයකට ලක්වූ විට කණ්ඩායම සමබර කර ගැනීමට එවක තේරීම් කමිටුව වෙනස්කම් 4ක් කළ බව ද සනත් ජයසූරිය මෙහිදී සිහිපත් කළේය. හිටපු නායකයෙක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් වර්තමානයේ වැටී ඇති අගාධයෙන් ගොඩගැනීමට ඉදිරියේදී දක්වන දායකත්වය ගැන විමසීමේදී ඔහු සිනාසෙමින් පැවසුවේ “මම ක්‍රිකට් කාල ගිහින්නේ තියෙන්නේ ඉතින් මම හිතන්නේ නැහැ මගෙන් මොකුත් කරන්න දෙයක් තියෙනවා කියලා” යනුවෙනි. කෙසේ නමුත් පසුව ඔහු පැවසුවේ ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට දායකත්වයක් ලබාදීමට තමන් සුදානම් බවය. “ශ්‍රී ලංකා ක්‍රිකට් තමයි මගේ ජිවිතේ පළමු තැන” යනුවෙන් ඔහු සංවාදය අවසන් කළේය

No comments:

Post a Comment

Post Bottom Ad