මාර්තු මාසයේ නෙළුම් කුළුණ විවෘත කල පසුව ටීවී චැනල් 50 ක් රේඩියෝ 50 ක් එහි සිට - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 22, 2019

මාර්තු මාසයේ නෙළුම් කුළුණ විවෘත කල පසුව ටීවී චැනල් 50 ක් රේඩියෝ 50 ක් එහි සිට

කොළඹ නෙළුම් කුළුණේ මෙහෙයුම් කටයුතු ලබන මාර්තු මාසයේ දී ආරම්භ කිරීමට සුදානම් බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.
කුළුණේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ශාන්ත ගුණනන්ද මහතා පැවසුවේ
කුළුණේ  අලංකරණ කටයුතු අවසන් වෙමින් පවතින බවයි. මීටර් 350 කින් උසින් යුත් නෙළුම් කුළුණ සැලකෙන්නේ දකුණු ආසියාවේ දෙවැනි උසම  ගොඩනැගිල්ල ලෙසයි.ඉන්දියාවේ පිහිටා ඇති එරට නාවික හමුදාව භාවිතා කරන සන්නිවේදන කුළුණක් දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ලයි.

නෙළුම් කුළුණ ඉදිකළ පසු බහුකාර්ය ගොඩනැගිල්ලක් ලෙස පවත්වා යාමට නියමිතය.විදුලි සන්දේශ නියාමන කොමිසමේ මූලිකත්වයෙන් කුළුනේ ඉහළම කොටසේ ඉදිකරන ඇන්ටනාවෙන් ගුවන් විදුලි සේවා සපයන්නන් 50කට විදුලි සංදේශ සේවා සපයන්නන් 20කට හා රූපවාහිනී සේවා සපයන්නන් 50කට පහසුකම් සැපයීමට නියමිතයි.
ඒ මගින් කොළඹ අවට තැන තැන ඉදිකර තිඛෙන සන්නිවේදන කුළුණ රැසක් ඉවත්කොට තනි තැනක සිට සම්ප්‍රේෂණ කටයුතු පවත්වා යාමට අවස්ථාව උදාවේ.
කුළුනේ පහළම කොටස තට්ටු හතරකින් යුත් අතර එහි ප්‍රදර්ශන ශාලාවක්, සම්මන්ත්‍රණ ශාලාවක් සහ කෞතුකාගාරයකින් සමන්විතය.
එම තට්ටුවල සිට කුළුනේ මීටර 335 ක් උසට ඝන කොන්ක්‍රීට් අරටුවක් පවතින අතර ඒ මැදින් විදුලි සෝපාන සවිකර ඇත.
එයින් පසු කුළුනේ ඉහළ නෙළුම් මලක හැඩය ගන්නා කොටස තට්ටු 8කින් යුක්තය.
එය උත්සව ශාලාවක්, හෝටල් දෙකක්, නැරඹුම් මැදිරියක් සහ කැරකෙන ආපන ශාලාවකින් සමන්විත වේ.
කැරකෙන ආපන ශාලාව අමුත්තන් 600 කට එකවර භාවිත කිරීමට හැකි අතර සම්පුර්ණ කොළඹ නගරයම ඊට දිස්වේ.
කුළුණ ඉදිකිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 104 ක් වියදම් වන අතර ඉන් සියයට අසූවක්ම ලබාදෙන්නේ  මුදලක් චීනයේ EXIM බැංකුව විසින්ය.

No comments:

Post a Comment

Post Bottom Ad