රජයේ ගුවන් විදුලියෙන් ඉස්ලාමීය අන්තවාදය ප්‍රවර්ධනය කරලා - ශ්‍රී ලංකා හිටපු මුස්ලිම්වරුන්ගේ කවුන්සිලය - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 23, 2019

රජයේ ගුවන් විදුලියෙන් ඉස්ලාමීය අන්තවාදය ප්‍රවර්ධනය කරලා - ශ්‍රී ලංකා හිටපු මුස්ලිම්වරුන්ගේ කවුන්සිලය

රජයේ ගුවන් විදුලියෙන් ඉස්ලාමීය අන්තවාදය ප්‍රවර්ධනය කරලා - ශ්‍රී ලංකා හිටපු මුස්ලිම්වරුන්ගේ කවුන්සිලය

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දෙමල ජාතික සේවයේ ප්‍රචාරය වන මුස්ලිම් වැඩසටහන හරහා ඉස්ලාමිය අන්තවාදයට උඩ ගෙඩි දෙන දේශනා ප්‍රචාරය කර ඇති බව ශ්‍රී ලංකා හිටපු මුස්ලිම්වරුන්ගේ කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබේ.

මුස්ලිම් ජාතිකත්වය අතහැරී පුද්ගලයන්ගෙන් සමන්විත මෙම කවුන්සිලය සදහන් කරන්නේ  21.01.2019 සදුඳා දින පෙ.ව. 09:40 ට පමණ ඉස්ලාමීය අන්තවාදය පතුරුවන ආකාරයේ දේශනා ප්‍රචාරය වූ බවය.

රට තුල සාමකාමී පරිසරයක්  පවත්වාගැනීම සදහා අන්තවාදී මතවාද ප්‍රචාරණය සම්බන්ධයෙන් යම් සැක කටයුතු ක්‍රියාවක් දුටුවිට ඒ ගෙන වහාම අදාළ බලධාරීන් දැනුවත් කරන ලෙස ශ්‍රී ලංකා හිටපු මුස්ලිම්වරුන්ගේ කවුන්සිලය (CEMSL) මුස්ලිම් ජනයාගෙන්  ඉල්ලා සිටිති.

ශ්‍රී ලංකා හිටපු මුස්ලිම්වරුන්ගේ කවුන්සිලයේ සම්පුර්ණ නිවේදනය පහතින් 

ජාතික ගුවන් විදුලිය හරහා ඉස්ලාමීය අන්තවාදයට උඩු ගෙඩි දෙන දේශනා ගුවන්හ්ගතවේ - වහාම පරීක්ෂණ කල යුතුයි!

රජයට අයත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දෙමල ජාතික සේවයේ ප්‍රචාරය වන මුස්ලිම් වැඩසටහන හරහා ඉස්ලාමිය අන්තවාදයට උඩු ගෙඩි දෙන දේශනා ගුවන් ගත වීම ඉතාමත් විමතියට පත් කරන කරුණක් වේ. 21.01.2019 සදුඳා දින පෙ.ව. 09:40 ට පමණ ඉස්ලාමීය අන්තවාදය පතුරුවන ආකාරයේ දේශානා ගුවන්ගත විය. මෙම දේශනාව කරනු ලැබුවේ මෞලවී අලි අහමඩ් රශාධි නැමැත්තා විසිනි. මෙම දේශනය යෞවනයන් හා සිසුන් පමණක් නොව වැඩිහිටියන් පවා අන්තවාදය කෙරෙහි යොමු කිරීමට තරම් ප්‍රබලය. ඉස්ලාම් ධර්මය වෙනුවෙන් තම ජීවිත පරිත්‍යාග කිරීම හා මරා දැමීම, යුද්ද කිරීම, ඝාතනය කිරීම සදහා කුමන්ත්‍රණ කිරීම, සටන් කාමීන් ප්‍රශංසා කිරීම වෙනි කරුණු අඩංගු අවේග ශීලී දේශනා ගුවන්ගත කර ඇත. මෙයට වග කිව යුතු පුතුගලයන් ගෙන වහාම විදිමත් පරීක්ෂණයක් කළ යුතුයයි අදාල රජයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු .


මාවනැල්ල ප්‍රදේශයේ සංවිධානාත්මකව බුද්ධ ප්‍රතිමාවලට පහර දීම, පුත්තලම වනාතවිල්ලුවේ පිපුරුම් ද්‍රව්‍ය විශාල තොගයක් හා සැගහුම් තැනක් සොයාගැනු ලැබීම වෙනි කරුණු තුලින් මේ රටේ ඉස්ලාමිය අන්තවාදය පවතින බව සැකයෙන් තොර ඔප්පු වී ඇත. මෙය විවිධ ඉස්ලාමිය සංවිධාන විසින් කාලාන්තරක් කරගන යනලැබූ දේශනා හා පුහුණුවීම් වල ප්‍රතිපලයක් වේ. මෙය වහාම වැලක්වීමට පියවර නොගතහොත් මෙම රටේ සමස්ත මුස්ලිම් සමාජයම ත්‍රස්තවාදීන් ලෙස අංවඩු ගැසීමට ලක්වීමේ අවදානමක් ඇත.


‘අධ්‍යාපන හා වෘත්තිය මගපෙන්වීමේ වැඩසටහන’ පවත්වන මුවාවෙන් විවිද ඉස්ලාමිය සංවිධාන විසින් යෞවනයන් හා සිසුන් නේවාසික පුහුණු කදවුරුවලට ගෙන ගොස් ඔවුන්ගේ බුද්ධි ශෝධනයට ලක් කිරීම වහ නතර කල යුතුයි . ඉස්ලාමීය ග්‍රන්ථ හා අල්-කුර්ආනය අඩංගු ප්ර්චණ්ඩකාරී කොටස් දේශනා කිරීම හා ඉගැන්වීම ශ්‍රී ලංකාව තුල වහාම අත්හිටුවීමට ඉස්ලාමීය නායකයන් හා ජමියතුල් උලමා සංවිධානය වගබලාගත යුතු අතර එවැනි කොටස් හා යල්පැන ගිය කොටස් ඉස්ලාමීය ග්‍රන්ථ හා අල්-කුර්ආනයෙන් හැකි ඉක්මනට ඉවත් කර යුතුය්. ශ්‍රී ලංකාව තුල සාමකාමී සහජීවනය සහතික කිරීම සඳහා මෙවැනි ප්‍රචණ්ඩකාරී හා යල් පැන ගිය දේශනා උගන්වනු නොලැබිය යුතු බව CEMSL තවදුරටත් ප්‍රකාෂ කරයි. මෙම පියවර ගනු නොලැබුවහොත් ඉස්ලාමීය අන්තවාදයේ මෙවැනි ප්ර්චණ්ඩකාරී ක්‍රියාවන් වැලැක්වීමට හා ඉස්ලාමීය අන්තවාදය මුලුනුපුටා දැමීම දුෂ්කර කාර්යයක් වනු ඇත.


රට තුල සාමකාමී පරිසරයක් පවත්වාගැනීමට ශ්‍රී ලංකා හිටපු මුස්ලිම් වරුන්ගේ කෞන්සිලය (CEMSL) වන අප මුස්ලිම් ජනයාගෙන් ඉල්ලා සිටින්නේ අන්තවාදී මතවාද ප්‍රචාරණය සම්බන්ධයෙන් යම් සැක කටයුතු ක්‍රියාවක් දුටුවිට ඒ ගෙන වහාම අදාළ බල ධාරීන් දැනුවත් කරනු ලෙසයි.


-ශ්‍රී ලංකා හිටපු මුස්ලිම් වරුන්ගේ කෞන්සිලය (CEMSL)

No comments:

Post a Comment

Post Bottom Ad