අහිගුණ්ඨික කාන්තාවෝ නවදෙනෙක් ජයශ‍්‍රී මහා බෝධිය අවට සිගමන් යදින ගමන් බැතිමතුන්ගේ මුදල් පසුම්බිවලට විදලා! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 23, 2019

අහිගුණ්ඨික කාන්තාවෝ නවදෙනෙක් ජයශ‍්‍රී මහා බෝධිය අවට සිගමන් යදින ගමන් බැතිමතුන්ගේ මුදල් පසුම්බිවලට විදලා!

Loading...
අනුරාධපුර ජය ශ‍්‍රී මහා බෝධිය සහ ස්වර්ණමාලි චෛත්‍යාරාමය අවට සි`ගමන් යදින අතරතුර බැතිමතුන්ගේ මුදල් පසුම්බි සහ දේපළ සොරා ගැනීමේ කටයුතුවල නිරතුවූ බව කියන අහිගුණ්ඨික කාන්තාවන් නව දෙනකු අනුරාධපුර උඩමළුව පොලිසියේ නිලධාරීන් විසින් (20) දා* සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
ඒ සම්බන්ධයෙන් දුරුතුපුර පසළොස්වක පෝයදා (20)බැතිමතුන් කීප දෙනෙකුගෙන් ලද පැමිණිලි පිළිබඳව විමර්ශන පැවැත්වීමෙන් අනතරුව උඩමළුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඉඳුනිල් හේමපාල මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමකදී එම කාන්තාවන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
එම කාන්තාවන් බැතිමතුන් සිය ආගමික වතාවත් වල නිරතවෙමින් සිටි අවස්ථාවේ ඔවුනට හිරිහැර වන අයුරින් සි`ගමන් යදින අතරතුර බැතිමතුන්ගේ මුදල් පසුම්බි සහ දේපළ සොරා ගැනීමේ කටයුතුවල නිරතවී ඇත. අත්අඩංගුව ගත් කාන්තාවන් තඹුත්තේගම කුඩාගම ප‍්‍රදේශයේ පදිංචිකාරියන් වන අතර ඔවුන් අවුරුදු 22 ත් 45 ත් අතර වයසේ පසුවන්නියන් බව පොලිසිය පවසයි.
එම කාන්තාවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පැවැත්වීමෙන් අනතුරුව උඩමළුව පොලිසිය විසින් අනුරාධපුර මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා අනුරාධපුර මූලස්ථාන පොලිස් ස්ථානයට භාර දී ඇත.
-දිවයින පුවත්පත

No comments:

Post a Comment

Post Bottom Ad