සිංගප්පූරුවේ ප්‍රකාශය ගැන ජනපතිගෙන් පැහැදිලි කිරිමක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 21, 2019

සිංගප්පූරුවේ ප්‍රකාශය ගැන ජනපතිගෙන් පැහැදිලි කිරිමක්

සිංගප්පූරුවේ ප්‍රකාශය ගැන ජනපතිගෙන් පැහැදිලි කිරිමක්

අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනිම සඳහා සිංගප්පූරුවේ සහාය නෙමැති බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයක් මේ වන විට මතභේදයට තුඩුදී තිබේ.

ජනපතිවරයාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් සිංගප්පූරුව ඊයේ ප්‍රකාශ කළේ ඒ සඳහා අවශ්‍ය සහායත්, ලියකියවිලිත් ශ්‍රී ලංකාවෙන් නොලැබුණ බවයි.

මේ අනුව සිංගප්පූරුවේ ප්‍රකාශය ගැන ජනපතිවරයා ඉදිරියේදී ජනතාවටත්, සිංගප්පූරු රජයටත් කරුණු දැක්වීමට නියමිත බව හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එසේම අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වා ගැනිම වෙනුවේ ශ්‍රී ලංකාව මේ වන විට ලිඛිතව හා රාජ්‍ය ත්‍රාන්ත්‍රික මට්ටමින් කටයුතු කර ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad