ස්වර්ණවාහිනීය උණුසුම් වෙයි - ප්‍රධාන විධායක නිලධාරිවරයා පොලිසිය විසින් එලියට රැගෙන යයි (PHOTOS) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 21, 2019

ස්වර්ණවාහිනීය උණුසුම් වෙයි - ප්‍රධාන විධායක නිලධාරිවරයා පොලිසිය විසින් එලියට රැගෙන යයි (PHOTOS)

ස්වර්ණවාහිනීය උණුසුම් වෙයි - ප්‍රධාන විධායක නිලධාරිවරයා පොලිසිය විසින් එලියට රැගෙන යයි (PHOTOS)

ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාවේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ඊයේ (20) රාත්‍රීයේ සිට සේවයෙන් ඉවත් කර ඇති අතර නැවත අද දින ඔහු එම ආයතනයට පැමිණීමත් සමඟ සේවකයින්ගේ විරෝධය හේතුවෙන් පොලිසිය පැමිණ ඔහුව එම ආයතනයෙන් පිටතට රැගෙන ගොස් ඇත.

ඔහුගේ අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන් පසුගියදා එහි සේවකයින් වෘත්තීය සමිතියක් පිහිටුවා ඇති කළ අරගලයෙන් පසු එම තනතුරෙන් ඉවත් කර ඇත.

ඒ අනුව අද දින ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාවේ ප්‍රධාන විධායක නිලධාරිවරයා එම ආයතනයට පැමිණි පසු නැවත වතාවක් එහි හටගත් සේවකයින්ගේ විරෝධතාවය හේතුවෙන් පොලිස් ආරක්ෂාව මැද්දේ ඔහුට පිටවී යන්නට සිදු වී ඇත.

ස්වර්ණවාහිනී නාලිකාවේ ප්‍රධාන විධායක නිලධාරි වන මහේන් පෙරේරා විසින් අද සවස 04ට තම ඉල්ලා අස්වීම දැනුම් දෙන බව ප්‍රකාශ කර ඇති ඇති බව එම ආයතනයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

පාලන අධිකාරිය වෙනස් වීම, ගුණාත්මක වැඩසටහන් නොමැති වීම, වැටුප් වැඩි නොකිරීම වැනි හේතුන් මත (18)වන දින 250ක පමණ සේවකයින් පිරිසක් වෘත්තිය සමිති රැස්වීමක් පවත්වා ඇති අතර ඒයට සහභාගී වූ ප්‍රවෘත්ති නිවේදකයන් ඇතුළු 18 දෙනෙකුගේ වැඩ තහනම් කිරීම හේතුවෙන් සේවකයින් දින දෙකක් පුරා පැවැත්වූ අරගලය මේ වන විට සාර්ථක වී ඇති බව ඔවුන් පවසයි.

Image may contain: 2 people, outdoor

Image may contain: 4 people, people standing

Image may contain: 1 person

No comments:

Post a Comment

Post Bottom Ad