අලූගෝසු සම්මුඛ පරීක්ෂණයට උපාධිධාරියකුත් ඇවිත්. - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 3, 2019

අලූගෝසු සම්මුඛ පරීක්ෂණයට උපාධිධාරියකුත් ඇවිත්.

Loading...
බන්ධනාගාර අලූගෝසු තනතුර සඳහා පැවැති සම්මුඛ පරීක්ෂණයට උපාධිධාරියකු ද සහභාගි වී ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය. 
මෙම සම්මුඛ පරීක්ෂණයට පුද්ගලයන් 17 දෙනකු සහභාගි වී ඇති අතර, ඉන් එක් අයකු උපාධිධාරියකු බව පැවසූ මන්තී‍්‍රවරයා මෙය මේ රටේ නිදහසින් පසු ගත වූ අවුරුදු

71 ක කාලසීමාවේ නිදහස් අධ්‍යාපනය සම්බන්ධයෙන් අසන්නට ලැබුණු ඉතා දුක්මුසු පුවත බවත් බරපතළම ඛේදවාචකයක් බවත් පැවසීය.

නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස සැලකෙන ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා ජීවත්ව සිටියා නම් මේ ප‍්‍රවෘත්තිය අසා එතුමා දිවිනසා ගැනීමටත් ඉඩ තිබුණු බව මන්තී‍්‍රවරයා සඳහන් කළේය.

පොල් කැඞීම සිය ජීවන වෘත්තීය කර ගත් උපාධිධාරියකුගේ කතාවක් මීට සති දෙකකට පෙර මාධ්‍යවල පළ වූ බව ද මේ රටේ උපාධිධාරීන්ට රැකියා ලබාදීම ප‍්‍රතිපත්තියක් ලෙස කි‍්‍රයාත්මක වීම මේ වනවිට අකර්මන්‍ය වී ඇති අතර මේ වනවිට රැකියා විරහිත උපාධිධාරීන් 70,000 ක් රටේ සිටින බවත් හෙතෙම කීවේය.

උපාධිධාරීන් මෙතරම් අසරණ වූ අවස්ථාවක් නැති බවත් මේ ආණ්ඩුව මේ රටේ බුද්ධිමත් ¥ පුතුන් නිදහස් අධ්‍යාපනයේ මරණ මංචකයට ගෙන ගොස් ඇති බවත් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (3 දා* පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේය.
අනුර බාලසූරිය
-දිවයින පුවත්පත

No comments:

Post a Comment

Post Bottom Ad