මධූෂ් මෙරටට ගෙන්වා ගැනීමේ සාකච්ඡාවට ඇමති මාරපන ඇතුළු පිරිසක් ඩුබායි යයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 4, 2019

මධූෂ් මෙරටට ගෙන්වා ගැනීමේ සාකච්ඡාවට ඇමති මාරපන ඇතුළු පිරිසක් ඩුබායි යයි

මධූෂ් මෙරටට ගෙන්වා ගැනීමේ සාකච්ඡාවට ඇමති මාරපන ඇතුළු පිරිසක් ඩුබායි යයි

පාතාල නායක මාකදුරේ මදූෂ් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා ඇතුළු පිරිසක් ඩුබායි රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇත.

ඒ අනුව මාකදුරේ මධුෂ් සහ අමල් පෙරේරා තවමත් ඩුබායිහි අත්අඩංගුවේ පසුවන බව වාර්තා වේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ තම අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහ පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් කිහිපදෙනෙකුද අමාත්‍යවරයා සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත පිටත්ව ගොස් ඇති බවය.

මෙහිදී විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ලිපියක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් කලීෆා බින් සෙයිඞ් වෙත ලබාදීම සඳහා එරට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා වෙත භාරදී ඇති බවද එම නිවේදනයේ සඳහන් වේ.

මේ අතර ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ රංගන ශිල්පී රයන් වැන් රෝයන් ඇතුලු පස්දෙනෙකු අද (04) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටුනායක ගුවන්තොටුපලේදී සිය භාරයට ගත්තේය.

No comments:

Post a Comment

Post Bottom Ad