ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් මත්ද්‍රව්‍ය පරීක්ෂාවකට - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 3, 2019

ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් මත්ද්‍රව්‍ය පරීක්ෂාවකට

ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් මත්ද්‍රව්‍ය පරීක්ෂාවකට

ජාතික කි‍්‍රකට් කී‍්‍රඩකයින් විශේෂ මත්ද්‍රව්‍ය පරීක්ෂාවකට ලක් කිරීමට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර ඇත.

අද (04) ආරම්භවීමට නියමිත පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේදී මෙම පරීක්ෂණ සිදුකිකරීමට නියමිතව තිබේ.

එහිදී යම් ක්‍රීඩකයෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට තහවුරු වුවහොත් දැඩි ක්‍රියාමාර්ග කැනීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

මේ පිළිබඳව ක්‍රීඩකයන් දැනුවත් කිරීමටද ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ. ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීමත් සමගම ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad