ෂැංග‍්‍රිලා හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීමෙන් මියගිය කණ්ඩායමේ නායකයා වන මෙහොමඞ් කාසීම් මොහොමඞ් සහ්රාන් සිය බිරිඳ තෝරාගත්තේ විවාහ වීම සඳහා ඇයගේ වයස සම්පූර්ණ වීමටත් කලින් බව සහ්රාන්ගේ මාමණ්ඩිය කියයි. සහ්රාන්ගේ බිරිඳ වන අම්බදුල් කාදර් ෆාතිමා සාදියා කල්මුණේ බෝම්බ ප‍්‍රහාරයෙන් තුවාල ලැබ මේ වනවිට අම්පාර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින්නීය.
”මගේ දුව තමයි අම්බදුල් කාදර් ෆාතිමා සාදියා. ඇය ඇතුළු පිරිසක් පසුගියදා කල්මුණේ බෝම්බ පුපුරවාගෙන කියලා දැන ගන්න ලැබුණා. ඒ සිද්ධියෙන් පස්සේ බුද්ධි අංශයේ නිලධාරීන් මගේ ගෙදරට ආවා. ඵ් නිලධාරීන් මට එයාලගේ ෆොටෝ පෙන්නුවා. ඒ මගේ දුවත් මිනිපිරියත් බව හඳුනා ගත්තා”
”මගේ බෑනා තමයි මොහොමඞ් කාසිම් මොහොඞ් සහ්රාන් කියන්නේ” යයි මොහොමඞ් හුසේන් අබ්දුල් කාදර් (54) පැවැසීය.
කල්මුණේ සයින්දමරුදු ප‍්‍රදේශයේදී ආරක්ෂක අංශ සමග ඇති වූ ගැටුමකදී මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා ගනිද්දී තුවාල ලැබූ අම්බදුල් කාදර් ෆාතිමා ගේ පියා වන මොහොමඞ් හුසේන් අබ්දුල් කාදර් ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායකයා වූ මොහොමඞ් කාසීම් මොහොමඞ් සහ්රාන් ගේ මාමණ්ඩිය ද වේ.
මෙහොමඞ් කාසීම් මොහොමඞ් සහ්රාන් නමැත්තා ඉකුත් දා ෂැංග‍්‍රිලා හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීමෙන් මියගිය කණ්ඩායමේ නායකයාය. කල්මුණේ බෝම්බ ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ අම්බදුල් කාදර් ෆාතිමා සාදියා සහ්රාන්ගේ බිරිය බව ද ආරක්ෂක අංශ පවසයි.
බෝම්බ පුපුරවාගැනීමේදී ෆාතිමා සහ සහ්රාන්ගේ දියණියද තුවාල ලබා ඇතැයි ආරක්ෂක අංශ කියයි. දැනට ඔවුහු අම්පාර රෝහලේ ප‍්‍රතිකාර ලබති.
ෆාතිමා සාදියාග් පියා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ද කීය.
”මගේ බිරිඳගේ නංගියකු කාත්තන්කුඩි ප‍්‍රදේශයේ ඉන්නවා. ඇයගේ සැමියාත් එක්ක දවසක් තරුණයකු අපේ ගෙදර ආවා. එයා මගේ මස්සිනාගේ යහළුවෙක් කියලා තමයි හදුන්වල දුන්නේ. මගේ දුවව දැකලා ඒ තරුණයා දුව එයාට විවාහ කරලා දෙන්නැයි ඉල්ලීමක් කළා”
”දුව ඉපදුණේ 1995 අවුරුද්දේ. බඳින්න තරම් වයසක් නැති හින්දා වයස ආවම බලමු කියලා මම කිවුවා. ඒ අතර කිහිප අවස්ථාවකම සහ්රාන් නිවසට ආවා ගියා” ”ඒ වෙනකොට ඔහු අරාබි පල්ලියක ඉගෙන ගන්නවා කියලා තමයි අපට කිව්වේ. දුවට අවුරුදු 15 ක් වුණාම සහ්රාන්ට විවාහ කර දුන්නා. විවාහයට කලින් එක් වතාවක් අපි සහ්රාන්ගේ නිවසට ගියා. මල්ලිලා දෙන්නෙක් නංගිලා දෙන්නෙක් ඉන්න සාමාන්‍ය පවුලක කෙනකු කියලා තමයි අපි දැන ගත්තේ”
”දුවත් එක්ක විවාහ වුණාට පස්සෙ නිතරම දුවයි බෑනයි අපේ ගෙදර ආවා ගියා. බෑනා පල්ලිවල දේශනා කරන්න ගියා. ඔහු දේශනාවලට දක්ෂයි. ගොඩක් අය ඔහුට කැමති වුණා. පල්ලියත් ලොකුවට හැදුවා”
”අවුරුදු දෙකකට පමණ උඩදී ඒ කියන්නේ 2017 පල්ලියෙ අය කණ්ඩායම් දෙකකට බෙදුණා. මේ දෙගොල්ල අතර ගැටුම් ඇති වුණා”
”බෑනාගේ කණ්ඩායමේ කිහිප දෙනකු පොලිස් අත්අඩංගුවට ගත්තා. ඔවුන් මාස හතක් පමණ රක්ෂිත බන්ධනාගාරයේ හිටියා. බෑනාව පොලිසියෙන් හෙව්වා. එයා හැංගිලා හිටියේ.
”අපි කිහිප වතාවක් කිවුවා පොලිසියට ඉදිරිපත් වෙන්න කියලා. අවුරුදු කිහිපයකින් නිදහස් වෙන්න පුළුවන් වෙයි කියලා අපි කිවුවා. එයාගෙ දේවල්වලට අත ගහන්න එපා කියලා තමයි බෑනා අපට කිවුවෙ. බෑනාගේ වාහනයක් විකිණීම නිසා මගේ පුතෙක් අත්අඩංගුවට ගත්තා.”
”මෙම සිද්ධීන් එක්කම අවුරුදු දෙකකට පමණ කලින් දුව දරුවන් දෙන්නත් එක්ක අපේ ගෙදරට ආවා. මේ අවුරුද්දෙ පෙබරවාරි වෙනකන්ම දුවයි දරුවන් දෙන්නයි අපිත් එක්ක මේ ගෙදර ජීවත් වුණා. බෝම්බ පිපිරුමෙන් මියගිය මුනුපුරා කැකුණගොල්ල මුස්ලිම් ප‍්‍රාථමික විද්‍යාලයේ තුන වසරේ ඉගෙන ගත්තා”
”දුවගේ යහළුවකු කියලා මුස්ලිම් ආගමට ආව දෙමළ ගෑනු ළමයකුත් දුවත් එක්ක අපේ ගෙදරට ආවා. ඇයත් අපේ නිවසේ හිටියා. පෙබරවාරි මාසයේ දුවගේ යෙහෙළියට බෙහෙත් ගන්න කුරුණෑගල යනවා කියලා ගියා. නමුත් ඔවුන් ආපසු ආවෙ නැහැ. ෆෝන් වැඩ කළෙත් නැහැ. පසුව අපි කටුපොත පොලිසියේ පැමිණිල්ලක් දැම්මා. පොලිසිය කිව්වා තොරතුරක් ලැබුණෙ නැහැ කියලා. දුව දරුවන් දෙන්නත් අරන් ගෙදරින් ගියා”
”ඉරිදා (28) බුද්ධි අංශයේ නිලධාරින් ඇවිත් ඡායාරූප වගයක් පෙන්නුවා. ඒ මගේ දියණියත් මුනුපුරාත් මිනිිපිරියත් බව මම හඳුනා ගත්තා. ඔවුන් බෝම්බයක් පුපුරවා ගත් බව නිලධාරීන් දැන්නුවා. පසුගිය දිනවල ඇතිවුණ බෝම්බ පිපිරවීමකින් සහ්රාන් මිය ගොස් තිබුණා. බුද්ධි අංශයේ නිලධාරීන් මට බෑනාගේ ඡායාරූප පෙන්වලා ඇහුවා හඳුනනවාද කියලා. මියගොස් ඇත්තේ මගේ බෑනා වන සහ්රාන් බව මම හඳුනා ගත්තා” යයිද ෆාතිමා සාදියාග් පියා වන මොහොමඞ් හුසේන් අබ්දුල් කාදර් මහතා පැවසීය.
”අපට අපේ දුව බලන්න ඕනේ. පුංචි දරුවන් දෙන්නා හැදුනෙ අපි ළඟ. නමුත් අපට ඔවුන්ව බලන්න යන්න තරම් ආරක්ෂාවක් නැහැ” යයි ෆාතිමා සාදියාගේ මව වන එම්.වයි. සිත්ති සහීලා පැවසුවාය.
”අපි නිවසින් එළියට බහින්න බැරිවයි ඉන්නේ. බොහෝ දෙනා අපිව ප‍්‍රතික්ෂේප කරනවා” යයි ෆාතිමා සාදියාගේ සහෝදරයා වන ඒ.සී.එම්. අජමීර් පැවසීය.

No comments:
Post a Comment