රැකියා ප්‍රශ්නය විසඳනවා කියන්නේ උස නම් සිකුරුටි මිටි නම් කම්කරු නෙවෙයි - රවී සජිත් ගැටෙති - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 3, 2019

රැකියා ප්‍රශ්නය විසඳනවා කියන්නේ උස නම් සිකුරුටි මිටි නම් කම්කරු නෙවෙයි - රවී සජිත් ගැටෙති

රැකියා ප්‍රශ්නය විසඳනවා කියන්නේ උස නම් සිකුරුටි මිටි නම් කම්කරු නෙවෙයි - රවී සජිත් ගැටෙති

රැකියා ප්‍රශ්නය විසඳනවා යනු උස නම් සිකුරුටි - මිටි නම් කම්කරු යන තත්වය නොවන බවත් රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය වන්නේ ඒ ආකාරයෙන් නොවන බවත් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අද රටේ ප්‍රශ්නය වන්නේ දේශපාලකයින් සිටියාට නායකයින් නොමැති වීම බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

නායකයින් යනු වසර ගණනාවක් ඉදිරියට සිතන පුද්ගලයින් විය යුතු බව පැවසූ අමාත්‍යවරයා අපේ රටේ දේශපාලනය හැඩගැසී ඇත්තේ මවගෙන් පියාගෙන් උරුම වන දේශපාලනයෙන් ඉදිරියට යාම මිස සහජ හැකියාවෙන් ඉදිරියට යාම නොවන බවත් සඳහන් කළේය.

මෙකී උස නම් සිකුරුටි - මිටි නම් කම්කරු ප්‍රකාශය සජිත් ප්‍රේමදාස මහතා විසින් කරන ලද්දකි.

No comments:

Post a Comment

Post Bottom Ad