රංගන ශිල්පී රයන් ඇතුළු පස්දෙනෙකු ලංකාවට - CIDයෙන් ප්‍රශ්න කිරීම් අරඹයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 3, 2019

රංගන ශිල්පී රයන් ඇතුළු පස්දෙනෙකු ලංකාවට - CIDයෙන් ප්‍රශ්න කිරීම් අරඹයි

රංගන ශිල්පී රයන් ඇතුළු පස්දෙනෙකු ලංකාවට - CIDයෙන් ප්‍රශ්න කිරීම් අරඹයි
මාකඳුරේ මධූෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගත් රංගන ශිල්පී රයන් වැන්ග් රෝයන් ඇතුළු පස්දෙනෙකු මෙරටට පිටුවහල් කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ඔවුන් දිවයිනට පැමිණීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගත් බවයි.
 
මේ වන විට ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් සිටින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
 
මාදුකරේ මධූෂ් සමග ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත් වූ පිරිසෙන් මේ වන විට දිවයිනට එවා ඇති පුද්ගලයින් සංඛ්‍යාව 13 කි.
 
ඉන් තිදෙනෙකු ප්‍රශ්න කර මුදා හැර තිබේ.
 
ඊට අමතරව සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන් නැමැත්තා මේ වනවිට කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ ප්‍රශ්න කරමින් සිටි.
 
තවත් තිදෙනෙකු අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධානාගරගත කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
 
තව ත් පුද්ගලයකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරිණි.

No comments:

Post a Comment

Post Bottom Ad