රටේ පවතින ආරක්ෂක වැඩපිළිවල හේතුවෙන් පාසල් ළමයින් ප‍්‍රවාහනය කරන වාහන සම්බන්ධයෙන් පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් සකස් කර තිබෙනවා.
ඒ අනුව ළමයින් පාසල් වෙත ඇරලවීම සඳහා පැමිණෙන වාහන පාසල් අසල නවතා තැබිය හැක්කේ උපරිමව විනාඩි 03ක් පමණයි. මෙලෙස වාහන නතර කිරීම සඳහා සුදුසු ස්ථාන පාසල් කළමනාකාරීත්වය විසින් තීරණය කළ යුතු වනවා. පාසල් අවසන් වීමෙන් පසු ළමයින් නංවා ගැනීම සඳහා ද වාහන පාසල් අසල නවතා තැබිය හැක්කේ උපරිමව විනාඩි 03ක් පමණයි. එහිදී ද වාහන නතර කිරීම සඳහා පාසල් කළමනාකාරීත්වය විසින් ලබා දෙන ස්ථාන පමණක් යොදාගත යුතු වනවා.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසුවේ පාසල් දිගින්දිගටම නිවාඩු දීමෙන් ළමයින්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වන බවයි. විෂය නිර්දේශ ආවරණය කිරීමට සහ නියමිත පරිදි ජාතික විභාග පැවැත්වීමට ද එමගින් බාධා සිදුවනු ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නා. ඒ අනුවයි සියලූ රජයේ පාසල් ලබන සඳුදා විවෘත කිරීමට තීරණය කෙරුණේ.
Thursday, May 2, 2019
පාසල් ළමයින් ප‍්‍රවාහනය කරන වාහන වලට උපදෙස් මාලාවක් නිකුත් වෙයි
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment