පෙරහැර පැවැත්වෙන දී යම් යම් සිද්ධීන් ඇති විය හැකි බවට දූෂමාන ආරංචි පැතිර ඇතැයි ද ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
මහනුවර ඇසළ පෙරහැර විශාල ප්‍රදේශයක පැවැත්වෙන බවත් එය නැරඹීමට විශාල පිරිසක් පැමිණෙන බවත් ඔවුන් සියළු දෙනා පරික්ෂා කිරීම අසීරු කටයුත්තක් යයිද කිරිඇල්ල ඇමැතිවරයා පැවසීය.
ඒ හේතුවෙන් නුවර පෙරහැර ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරන්නේ නම් එය ත්‍රස්තවාදීන්ට ඉතා පහසු කටයුත්තක් බවද ඔහු පැවසීය.
අස්ගිරි මල්වතු මහා නා හිමියන් වහන්සේ ද මේ සම්බන්ධයෙන් තමන් සමඟ සාකච්ඡා කළ බව ඔහු සඳහන් කළේය.


No comments:
Post a Comment