සජිත් කපා දැමීම ස්ථිරයි.. එජාප ජනාධිපති අපේක්‍ෂක තේරිම කෘත්‍යාධිකාරියෙන් හා මන්ත‍්‍රී කණ්ඩායමෙන් ඉවතට ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, July 31, 2019

සජිත් කපා දැමීම ස්ථිරයි.. එජාප ජනාධිපති අපේක්‍ෂක තේරිම කෘත්‍යාධිකාරියෙන් හා මන්ත‍්‍රී කණ්ඩායමෙන් ඉවතට !

දිරි ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සහ එම පක්ෂයට සහයෝගය සෙසු පක්ෂ එක්ව බිහි කිරීමට නියමිතව ඇති ‘ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ’ සදහා යෝජනා කර ඇති ව්‍යස්තාව මඟින් එහි ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමට නායකත්ව මණ්ඩලයකට බලතල පැවරීමට නියමිතය.
එම ව්‍යවස්ථාව අනුව එජාපයේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමේ බලය එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට හා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට පවතින හිමිකම අහිමි කර ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට නියමිත අතර එම මණ්ඩලය විසින් ජනාධිපති අපේක්ෂකයා තීරණය කරයි.

කෙසේ වෙතත් මෙම යෝජිත නව ව්‍යවස්ථාවට එක්සත් ජාතික පක්ෂය තුළ දැඩි විරෝධය මතුව ඇති බවද වාර්තා වෙයි.

මෙමගින් එකම නායකයෙකු දීර්ඝ කාලයක් නායකයා ලෙස සිටිය හැකි වනු ඇති බවද එම විරෝධය දක්වන පිරිස මතයයි.

නව පෙරමුණේ මහලේකම් ලෙස ඇමති රාජිත සේනාරත්න මහතා පත් කිරීමට නියමිත බවද සදහන්ය.

මෙම තත්ත්වය මත අද පැවැත්වීමට නියමිතව ඇති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයද දැඩි උණුසුම් වනු ඇති බවද ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.


No comments:

Post a Comment

Post Bottom Ad