රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ඉකුත් දා මහා සංඝරත්නයට අපහාස කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රකාශයක් සිදු කර තිබුණා. පසුව ඔහු සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් කැලණිය රාජමහා විහාරාධිපති පූජ්‍ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන්ට ද අපහාස සිදු වන අයුරින් ප‍්‍රකාශ නිකුත් කිරීමත් දක්නට ලැබුණා.
අග‍්‍රාමාත්‍යවරයා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කළේ කැළණිය රාජමහා විහාරස්ථානයේ නායක හිමියන් පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා සිදු කළ එම ප‍්‍රකාශ අසත්‍ය බවයි.
මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර තුෂාර ඉඳුනිල් ද ප‍්‍රකාශ කළේ රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකගේ මෙම ප‍්‍රකාශ සිය පක්ෂයේ මතය නොව අමාත්‍යවරයාගේ පෞද්ගලික අදහස් බවයි.
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (01) රැස්වනවා.


No comments:
Post a Comment