විජිතපුරයේදී මර්වින් යක්‍ෂාවේශ වේ.. යලිත් ගස් බදින්න සැරසේ… - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, July 28, 2019

විජිතපුරයේදී මර්වින් යක්‍ෂාවේශ වේ.. යලිත් ගස් බදින්න සැරසේ…

කැකිරාව කලාවැව විජිතපුර බලකොටුවේ කොටසක් සුද්ද පවිත්‍ර කොට ඩෝසර් දමා පුරාවිද්‍යා ස්මාරක විනාශ කොට අඹ හා පොල් වගාකල ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා හිටපු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා ඊයේ (27) පස්වරුවේ එම ස්ථානයට පැමිණි ඇත.
මේ ස්ථානය පිරිසක් අල්ලාගෙන විනාශ කර ඇතැයි මාධ්‍ය මගින් හෙළිදරව් කල අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පොලිසියටද පැමිණිලි කොට තිබිණි.

මේ වනවිට සැකපිට පුද්ගලයන් දෙදෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණය මගින් බන්ධනාගාර ගතකොට තිබේ.

එළාර දුටුගැමුණු සටන පවතී විජිතපුර බලකොටුව තුල පිහිටි පැරණි රජමාලිගාවක නටබුන් මෙසේ විනාශ කොට ඇති බව වාර්තා වේ.

දැඩිලෙස ප්‍රකෝපකාරී ලෙස  හැසිරුණු මර්වින් සිල්වා හිටපු අමාත්‍යවරයා ආණ්ඩුවේ පිරිසට සහ විපක්ෂයේ පිරිසට ද දැඩි දෝෂ දර්ශනයට ලක්කරමින් පුරාවස්තු විනාශය පිළිබඳව වහාම රට තුළ වැඩපිළිවෙළක් ඇති කළ යුතු බව අවධාරණය කළ බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

දැනට පවතින්නේ වෙනයම් කෙනෙකුගේ රාජ්‍ය බලයක් නොව රටේ මහජනතාව විසින් පත්කළ රජය බැවින් වහාම මෙම විනාශයන් නවතා දැමිය යුතු බවද ඒ මහතා පවසා තිබේ.

එමෙන්ම විජිතපුර බලකොටුව ඇතුළත රක්ෂිතයේ පවත්වාගෙන යන ගල් කොරියකට කඩාවැදුණු හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා එහි පිරිසට කතා කළද ඔවුන් එම ස්ථානයෙන් පලාගොස් බව සඳහන් කළේය.

නැවත වරක් එම ස්ථානයට පැමිණෙන විට මෙම ගල් කොරිය ඉවත් කරන ලෙසද ඒ මහතා පවසා ඇත.

එළාර දුටුගැමුණු සටනේදී දකුණේ සිට එළාර පරාජය කිරීම සඳහා විජිතපුර බලකොටුවට පැමිණි බවත් ඒ ආකාරයෙන්ම වර්තමාන තමාට ද පැමිණීමට සිදුව ඇතැයි හෙතෙම සඳහන් කර තිබේ.

ඉතිහාසයක් ඇති මෙවැනි ස්ථාන විනාශ කිරීම සදහා ක්‍රියාත්මක වන බවත් මේ සඳහා ජනමාධ්‍ය විද්වතුන් භික්ෂූන් වහන්සේලා ඇතුළු සියලු දෙනා එකතු වී ක්‍රියා නොකළහොත් ඉදිරියේදී මෙරට ඉතිහාසය  විනාශ වන  බවද හෙතෙම අවධාරණය කළේය.

මෙම ඉඩම ඩෝසර් කල පුද්ගලයා තමන් එන අවස්ථාවේ සිටියේනම් ඔහුව ගස් බදින බවට මර්වින් සිල්වා මහතා පැවසු බව ද අද දෙරණ වාර්තාකරු පවසයි.

– adaderana







No comments:

Post a Comment

Post Bottom Ad