එජාප ගැටුම් මැද කරූට පින පෑදේ..? විවිධ කෝණ වලින් photohoot එකක.. එජාප ජනාධිපති අපේක්‍ෂක? - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 23, 2019

එජාප ගැටුම් මැද කරූට පින පෑදේ..? විවිධ කෝණ වලින් photohoot එකක.. එජාප ජනාධිපති අපේක්‍ෂක?

ථානායක කරු ජයසූරිය මහතා ඊයේ දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිසුම ආසන්නයේ දී විශේෂ ඡායාරූප ගත කිරීමක් සිදු කර ඇත.

වෙනදා නොමැති ආකාරයෙන් හැඩ වැඩ වී කතානායකවරයා මෙම ඡායාරූප සඳහා මුහුණ දුන් බව වාර්තාකරුවන් කියයි.


මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා කරු ජයසූරිය මහතාට යම් තහවුරුවක් ලැබීම මත ඊට අදාළ පින්තූර ගන්නට ඇතැයි පාර්ලිමේන්තුවේ සිටි ඇතැම් මන්ත්‍රීවරු සදහන් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ ඇති වී තිබෙන පිල් බෙදීම මත පක්ෂය නොබෙදා පවත්වා ගැනීමේ අරමුණින් කරු ජයසූරිය මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස පත්වණු ඇති බවද එම පක්ෂයේ ඇතැම් මන්ත‍්‍රීවරුන් කියති.


No comments:

Post a Comment

Post Bottom Ad