පුරවැසිභාවය ඉවත්කරගත්තත් වසර 10 ක් යනතුරු ගෝඨාට ඇමරිකාවේ පදේට නටන්න වෙනවා - මර්වින් සිල්වා (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, August 24, 2019

පුරවැසිභාවය ඉවත්කරගත්තත් වසර 10 ක් යනතුරු ගෝඨාට ඇමරිකාවේ පදේට නටන්න වෙනවා - මර්වින් සිල්වා (VIDEO)

පුරවැසිභාවය ඉවත්කරගත්තත් වසර 10 යනතුරු ඇමරිකාවට අවශ්‍ය ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට කටයුතු කිරීමට සිදුවන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පැවසුවේය.

ඔහු ඒ බව සඳහන් කළේ අද (24) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

ශ්‍රී ලංකා රාජ්‍යයේ සියලු රහස් ඇමරිකාවට පැවසිය යුතු අතර  ඇමරිකාව ඉදිරිපත් කරන සියලු ගිවිසුමද අත්සන් කර ඒවාට එකඟ වීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදුවන බව මර්වින් සිල්වා මහතා කියාසිටියේය.

එය අසත්‍යයක් නම් තමන්ට එරෙහිව අධිකාර ක්‍රියාමාර්ග ගත හැකි බවද ඔහු ප්‍රකාශ කළේය.

මේ වන විට ඒකාබද්ධ විපක්ෂය ඇමරිකානු විරෝධයක් පෙන්වමින් සිටින අතර එකී විරෝධයට පෙර තමන්ගේ පාර්ශවයෙන් ජනාධිපතිවරණයට ඇමරිකානු පුරවැසියෙක් නොව තමන්ගේ රටේ පුරවැසියෙක් නම් කිරීමට කටයුතු කරන ලෙස ද ඔහු පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad