ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන චන්දික හතුරුසිංහ ක්‍රීඩා අමාත්‍යවරයාගේ නියෝග මත තාවකාලිකව ඉන් ඉවත් කර ඇතත් ඔහුගේ කොන්ත්‍රාත් කාලය අවසන් වනතුරු ඔහු රඳවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් කටයුතු කරනු ඇතැයි වාර්තා වේ.
එයට හේතුව වී ඇත්තේ තවත් වසරකට වඩා ඔහු සමග එළඹ ඇති ගිවිසුමයි.
ඉතිහාසයේ ක්‍රිකට් පරිපාලකයන් විසින් ආයතනය හා පුහුණුකරුවකු සමඟ අත්සන් කර ඇති මනෝඥ හා ප්‍රශ්න සහගත මෙම ගිවිසුමට අනුව හතුරුසිංහ ඉවත් කරන්නේ නම් අවම වශයෙන් රුපියල් කෝටි හයකට වැඩි මුදලක් ඔහුට වන්දි වශයෙන් ගෙවිය යුතු බව පැවසේ.
හතුරුසිංහ වන්දියක් නොගෙන ඉවත්වයාම මේවන විට ප්‍රතික්ෂේප කර ඇතැයි ද වාර්තා වේ.
එම වන්දි මුදල ඔහුට නොගෙවීමට කටයුතු කළහොත් හතුරුසිංහට ස්විට්සර්ලන්ත උසාවියකදී ඒ පිළිබඳ වන්දි ඉල්ලා නඩුවක් ගොනු කිරීමට හැකියාව ඇති බව පැවසේ.
චන්දික හතුරුසිංහ මේ වන විට මසකට රුපියල් ලක්ෂ 75ක පමණ දීමනාවක් ලබාගනී.
ඊට අමතරව එක් වාර්තාවකට ඩොලර් 60,000 බැගින් වාර්තා හයක් ඔහුගේ ගිවිසුම් කාලය තුළ ලබා ගනිමින් ඉදිරිපත් කිරීමක් ද ගිවිසුමට ඇතුළත් ය.
ක්‍රිකට් ඉතිහාසයේ පුහුණුකරුවකු ශ්‍රී ලංකාව තුළ ලබන වැඩිම වැටුපට ද මේ අනුව හතුරුසිංහ හිමිකම් කියයි.
මෙම අපූරු ගිවිසුම ගැන කෝප් කමිටුව හමුවේ ප්‍රශ්න කිරීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.
එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂණ රාජකරුණා, හෙක්ටර් අප්පුහාමි, නිරෝෂන් පෙරේරා හා හේෂා විතානගේටඅලුතෙන් මත්පැන් බලපත්‍ර ලබාදී ඇත්දැයි පසුගිය 27 වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රශ්න කර ඇති බව වාර්තා වේ.
ල් අමාත්‍ය මංගල සමරවීර මහතා මෙහිදී රවි කරුණානායක අමාත්‍යවරයාගේ ප්‍රශ්න කිරීම්වලට ඍජු පිළිතුරක් ලබාදී නැති බව ද රෝගය වාර්තා කර තිබේ.
අමතක උනා එකක්
2016 වසර හා සැසඳීමේ දී 2017 දී රට තුළට ගලා එනු ලැබූ සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය සියයට 23 කින් අඩුවී තිබේ.
2016 දී රට තුළට ගලා ආ ගෝලීය සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.87 වූ අතර 2017 දී එම අගය 1.43 විය.
වෙනත් රටක ආයෝජනයක් සමඟ ඒකාබද්ධ වීම හා අත්පත් කර ගැනීම් සියයට 22 කින් අඩු වීම මූලික යටිතල පහසුකම් ඇතුලත් ආයෝජන 14% කින් අඩු වීම මීට හේතු වූ බව ආයෝජන මණ්ඩලය කියයි.
කෙසේ වුවද සංවර්ධනය වන ආසියාතික රටවල් කරා ගලා ගිය සෘජු විදේශ ආයෝජන 2017 වසරේදී ස්ථාවරව පැවැති.
එමෙන්ම 2017 වසරේදී ශ්‍රී ලංකාවෙන් පිටතට ගලා ගිය සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1430 දක්වා සියයට 2.9 කින් ඉහළ ගොස් තිබේ.
Friday, August 30, 2019
චන්දිකගේ වන්දිය කෝටි 6 යි : නොදුන්නොත් නොයන බව දන්වයි !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment