ඒ නිසා මේ අවස්ථාවේ ඔවුන් නිවැරදිව තීරණාත්මක තීන්දුවක් ගනු ඇතැයි ද තමන් කල්පනා කරන බව ද බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට තම පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ලක්ෂ 14 වැදගත් වන බව ද කී බැසිල් රාජපක්ෂ මහතා වෙනත් පුද්ගලයෙකු දිනවීමට උත්සාහ කළහොත් රටත් පක්ෂයත් විනාශ වනු ඇතැයිද කීය.
එම විනාශය නොකරන ලෙස තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා සඳහන් කළේය.
තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සාකච්ඡා පැවැත්වෙන නිසා එම සාකච්ඡා වලට බාධා වන කිසිදු ක්‍රියාවක් තම පක්‍ෂය පාර්ශ්වයෙන් සිදු නොකරන බවද ඔහු කියා සිටියේය.


No comments:
Post a Comment