"එජාපයේ ජනපති අපේක්ෂක නම් කළ යුතුවන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයයි” - තිස්ස අත්තනායක - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, August 30, 2019

"එජාපයේ ජනපති අපේක්ෂක නම් කළ යුතුවන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයයි” - තිස්ස අත්තනායක

ක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ ජනාධිපති අපේක්ෂකයා නම් කළ යුතු අවස්ථාවක් සඳහන් නොවන බවත්, ජනාධිපති අපේක්ෂකයකු නම් කරන්නේ නම් ඒ තිරණය ගතයුතු වන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් යැයි හිටපු එජාප මහ ලේකම් හා හිටපු සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතා කියයි.


ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමට කාල සීමාවක් නියම කර නැති බවත්, එනිසා ජනාධිපතිවරණයක දින නියමකරනතුරු, ගැසට් නිවේදනයක් එනතෙක් ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමට කාලය ගතයුතු බවට එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ හෝ එජාප
සම්ප්‍රදායේ නැතැයි ද ඔහු කියා සිටී.
පක්ෂය තුල පවතින අර්බුද විසඳා ගනිමින් එක්සත් ජාතික පක්ෂය යළි ජයග්‍රාහී මාවතට පිවිසිය යුතු බවද හෙතෙම කියා සිටියේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛව සියලුදෙනා එක්ව කටයුතු නොකලහොත් අභාග්‍ය සම්පන්න තත්වයකට එක්සත් ජාතික පක්ෂය පත්වන බව ඊයේ (30) මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින් තිස්ස අත්තනායක මහතා පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad