එන්නෙ නෑමයි කියූ ශ‍්‍රිලනිප ලොක්කෙක් පොහොට්ටුවය එක්වෙන්න කැමති වෙයි.. කප්පමට ජාතික ලයිස්තු මන්ත‍්‍රී කමක් ඉල්ලයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, August 24, 2019

එන්නෙ නෑමයි කියූ ශ‍්‍රිලනිප ලොක්කෙක් පොහොට්ටුවය එක්වෙන්න කැමති වෙයි.. කප්පමට ජාතික ලයිස්තු මන්ත‍්‍රී කමක් ඉල්ලයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයෙකු ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණටත් එහි ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට කැමැත්ත පළ කර තිබේ.



ඔහු මෙතෙක් කාලයක් පසු වූයේ එක්සත් ජාතික පක්ෂය සමග එකතු විය යුතුය යන ස්ථාවරයේය.

නමුත් මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්වය මත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහයෝගය දීමට මෙම ප‍්‍රබලයා තීරණ කර ඇත.

අද පස්වරුවේ මෙම මන්ත‍්‍රීවරයා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රබලයෙකු හමුවී තම අදහස දන්වා ඇත.

තම දිස්ත්‍රික්කයෙන් ජයගෙන පාර්ලිමේන්තුවට පැමිණීම අවිනිශ්චිත නිසා කිරීමේ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධුරයක් ලබා දිය හැකිදැයි ඔහු විමසා ඇත.

නමුත් පොහොට්ටු ප‍්‍රබලයාගේ ප‍්‍රතිචාරය වී ඇත්තේ ජාතික ලැයිස්තුව සම්බන්ධයෙන් දැනට පොරොන්දු විය නොහැකි බවත් දිස්ත්‍රික්කයෙන් තරග කිරිමට අපේක්ෂකත්වය ලබා දීම ස්ථිරවම කළ හැකි බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad