මඩකලපු දේවස්ථානයට බෝම්බ ගැසූ ත්‍රස්තවාදියාගේ හිස සුදුසු තැනක භූමදාන කරන්නට නියෝග ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, August 30, 2019

මඩකලපු දේවස්ථානයට බෝම්බ ගැසූ ත්‍රස්තවාදියාගේ හිස සුදුසු තැනක භූමදාන කරන්නට නියෝග !

ඩකලපුව ක්‍රිස්තියානි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කල ත්‍රස්තවාදියාගේ හිස කොටස නැවත ගොඩගෙන නිසි ස්ථානයක භූමදාන කරන  ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මඩකලපුව දිස්ත්‍රික් ලේකම්වරයාට නියෝග කර තිබෙනවා.

අදාල ත්‍රස්තවාදී සැකකරුගේ හිස මඩකලපුව කල්ලියන්කාඩු සුසාන භූමියේ භූමදාන කර තිබූ අතර ඊට ප්‍රදේශවාසීන් තම විරෝධය පළ කර තිබුණා.  මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඩකලපුව මහේස්ත්‍රාත් උසාවියට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අද මෙම තීන්දුව ලබා දී තිබෙනවා.

අධිකරණ නියෝගයට අනුව එළඹෙන සඳුදා දින අදාල ශරීර කොටස් ගොඩ ගැනීමට නියමිතව තිබෙන අතර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් භූමදානයට සුදුසු ස්ථානයක් හඳුනා ගන්නා තෙක් එම කොටස් පොලිස් ආරක්ෂාව යටතේ මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තැබෙනු ඇති.


No comments:

Post a Comment

Post Bottom Ad