එජාප මන්ත‍්‍රීන් 15ක් ජනාධිපති ගෝටාභයට පක්‍ෂ වෙයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 29, 2019

එජාප මන්ත‍්‍රීන් 15ක් ජනාධිපති ගෝටාභයට පක්‍ෂ වෙයි..

එළැඹෙන තුන්වෙනිදා මීළඟ පාර්ලිමේන්තු සැසිය ආරම්භ කිරීමෙන් පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පවත්වන රාජාසන කතාවට ඡන්ද විමසීමක් පැවැත්වූ හොත් එය පරාජය නොකර සිටීමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් තීරණය කර ඇත.

එජාප මන්ත්‍රීවරු 15 කට ආසන්න පිරිසක් දැනටමත් දැනුම් දී ඇත්තේ ඡන්ද විමසීමකදී තමන් රාජාසන කතාව පරාජය කරවීමට කටයුතු නොකරන බවයි.

ජනාධිපතිවරයාගේ රාජාසන කතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටින බව ජනතා විමුක්ති පෙරමුණ මෑතක දී කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad