මෙහෙයුම සාර්ථකව අවසන්.. වූහන් සිට ආ 33 දෙනා අද නිවෙස්වලට.. කිසිවෙකුටත් කොරෝනා නෑ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 13, 2020

මෙහෙයුම සාර්ථකව අවසන්.. වූහන් සිට ආ 33 දෙනා අද නිවෙස්වලට.. කිසිවෙකුටත් කොරෝනා නෑ !

කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් චීනයේ වූහන් නගරයේ සිට මෙරටට ගෙන එන ලද ශ්‍රී ලාංකිකයන් තිස්තුන් දෙනා අද සිය ගම්බිම් බලා පිටත්ව යාමට නියමිතය.

සති දෙකක නිරෝධායන කාලය අවසන් වීමෙන් පසු ඔවුන් අද දියතලාව හමුදා කදවුරෙන් මත්තෙගොඩ යුද හමුදා මූලස්ථානය වෙත රැගෙන යමින් සිටී.
එහිදී ඔවුන් සිය ඥාතීනට බාර දීමට නියමිතය.

පසුගිය 01 වැනිදා ඔවුන් මෙරටට රැගෙන ආවේ ශ්‍රී ලංකා ගුවන් සේවයේ විශේෂ ගුවන් යානාවක් වූහන් නගරයට ගොසිනි.

එදා සිට අද දක්වා වෛද්‍ය අධීක්ෂණය යටතේ ඔවුන් දියතලාව යුද හමුදා කඳවුරේ රඳවා තිබිණි.

මෙම කිසිවෙකුටත්රෝ කොරෝනා වෛරස් ආසාදන තත්ත්වය ඇති වී නොමැති බවද වෛද්‍යවරුන් සහතික කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad