රජරට වකුගඩු රෝගයට පිළියම් දෙන්න මහ මැතිවරණයට එනවා. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 14, 2020

රජරට වකුගඩු රෝගයට පිළියම් දෙන්න මහ මැතිවරණයට එනවා.

රජරට පවතින දරුණු වකුගඩු රෝගයට ස්ථීරසාර විසඳුමක් ලබා දීම මූලික අරමුණ කර ගනිමින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණින් තමා ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වන බව මහාචාර්ය චන්න ජයසුමන මහතා ‘දිවයිනට’ (14) දා* ප‍්‍රකාශ කළේය.

 ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරම්භක සාමාජිකයකු වන තමාට අනුරාධපුර දිස්ති‍්‍රක් බලමණ්ඩල නියෝජිතයා ලෙස පත්වන්නට පෙර සිටම යහපත් දේශපාලන පසුබිමක් පැවතිය බව ද මහාචාර්යවරයා සඳහන් කළේය.

 ඉදිරි මහ මැතිවරණයේදී තමන්ට අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ ආසන නවයෙන් හයක් ජයගත හැකි බවත් එක්සත් ජතික පක්ෂයේ පවතින තත්ත්වය යටතේ එය ආසන හත දක්වා යා හැකි තත්ත්වයක් දැන් උදාවී ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

 තමා මැතිවරණයට ඉදිරිපත් වූයේ අංශ දෙකක් යටතේ වැඩ කිරීමට බවත් එහිදී ජාතික මට්ටමින් සහ අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ පවතින ප‍්‍රශ්න ගණනාවක් දෙස දැඩි අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම කීවේය.

 එහිදී වකුගඩු රෝගයට ස්ථීරසාර පිළියම් යෙදීම සඳහා විශේෂ සැලසුම් කි‍්‍රයාත්මක කිරීමට පියවර ගන්නා බව ද මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
 -Divaina.

No comments:

Post a Comment

Post Bottom Ad