පක්ෂය වෙනුවෙන් සිය මහ ලේකම් ධූරය පවා අත්හැරීමට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා සූදානමින් පසුවන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. පක්ෂය දෙකඩ වුවහොත් මෙම කිසිදු තනතුරු තානාන්තරයකින් පලක් නොමැති බවත් , සියලු දෙනා එක්ව ගමනක් යා යුතු බවයි ඔහුගේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකුට පවසා ඇත්තේ.
තමා සෑම විටම ක්‍රියා කලේ පක්ෂ ව්‍යවස්ථාවට අනුකූලව මිසක, පක්ෂය තුළ කිසිදු පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට වාසි නොවන අයුරින් බවද ඔහු එම ජ්‍යෙෂ්ඨයාට සඳහන් කර ඇත.
එම නිසා තමාගේ තනතුර හෝ ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් කිසිවෙකුට හෝ ගැටලුවක් ඇති නම් පක්ෂය වෙනුවෙන් එය අත්හැරීමට සූදානම් බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය ද දිගින් දිගටම දිග්ගැසෙමින් පවතින අතර ඉදිරි මහා මැතිවරණය සඳහා නව සන්ධානයේ හදවත ලකුණින් තරග කළයුතු බව පිරිසක් පවසන අතර එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබලයන් පවසන්නේ අලියා ලකුණින් තරග කළ යුතු බවය.
Thursday, February 13, 2020
මහ ලේකම් ධූරය අත්හැරීමට අකිල විරාජ් සැරසෙයි ?
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment