කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම සැලකිල්ලට ගනිමින්, විවිධ රටවල් විසින් ගෝලීය ගුවන් ගමන් ජාලය සඳහා පනවා ඇති සංචාරක සීමාවන් අඛණ්ඩව ක‍්‍රියාත්මක වන හෙයින්, ශ‍්‍රීලංකන් ගුවන් සමාගමට එහි නියමිත මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම 2020 අපේ‍්‍රල් මස 30 වෙනි දින දක්වා දීර්ඝ කිරීමට සිදුව ඇත.
කෙසේ වෙතත්, ගුවන් සේවයේ ලෝක ව්‍යාප්ත ජාලය හරහා ගුවන් භාණ්ඩ සේවා මෙන්ම විශේෂ ගුවන් ගමන් වාර අවශ්‍යතාව පරිදී ක‍්‍රියාත්මක වනු ඇත.
වැඩිදුර තොරතුරු සහ පැහැදිලි කිරීම් සඳහා මගීන්ට ඔවුන්ගේ සංචාරක නියෝජිතයන් සම්බන්ධ කර ගැනීමෙන්, සහ ලගම ඇති ශ‍්‍රීලංකන් කාර්යාලය වෙතින් මෙන්ම +94117771979 යන දුරකතන අංකයෙන් ගුවන් සමාගමේ ගෝලීය සම්බන්ධතා මධ්‍යස්ථානය ඇමතීමෙන් ලබා ගත හැකිය.
-Divana.
Thursday, April 16, 2020
ශ‍්‍රීලංකන් ගුවන් මෙහෙයුම් අත්හිටුවීම අපේ‍්‍රල් 30 දක්වා දීර්ඝ වෙයි.
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment