කෙසෙල්වත්ත කොරෝනා රෝගී කාන්තාවගේ පුතා කොහුවල ෆාමසියකට විකිණීමට දුන් මුව ආවරණ 550ක් ගිනි තබා විනාශ කරයි - ෆාමසියටත් මුද්‍රා තබයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 17, 2020

කෙසෙල්වත්ත කොරෝනා රෝගී කාන්තාවගේ පුතා කොහුවල ෆාමසියකට විකිණීමට දුන් මුව ආවරණ 550ක් ගිනි තබා විනාශ කරයි - ෆාමසියටත් මුද්‍රා තබයි

කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතේ පදිංචිව සිටි කොරෝනා ආසාදිත කාන්තාවගේ දෙවැනි පුත‍්‍රයා තවත් පුද්ගලයෙකු සමග පැමිණ කොහුවල සරණංකර පාරේ ෆාමසියකට විකිණීමට භාරදී තිබූ මුව ආවරණ 550 ක් ගිනි තබා විනාශ කර එම ෆාමසියට මුද්‍රා තැබූ බව කොහුවල පොලිසිය පවසයි.
ෆාමසි හිමිකරු එහි සේවය කරන ඖෂධවේදීන් දෙදෙනා ඔවුන්ගේ නිවෙස්වලම නිරෝධායනයට ලක් කළ බව කොහුවල පොලිස් ස්ථානාධිපති එච්. එච්. හැරිසන් මහතා දිවයිනට ඊයේ සඳහන් කළේය.

ඉකුත් 5 වෙනි දින මෙම මුව ආවරණ තොගය එම පුද්ගලයන් දෙදෙනා ෆාමසියට රැුගෙනවිත් තිබූ බව පොලිසිය සඳහන් කරයි. ඒ පිළිබඳ ලද තොරතුරු අනුව දෙහිවල - ගල්කිස්ස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සමග අදාළ ෆාමසිය වෙත ගොස් මුව ආවරණ පොලිස් භාරයට ගත් බවත් ඒ වන විට එම මුව ආවරණ තොගයෙන් කිසියම් ප‍්‍රමාණයක් අලෙවි කර ඇති බවට සැක කරන නිසා එ්වා සොයාගැනීමට විමර්ශන ආරම්භ කර තිබෙන බවත් ස්ථානාධිපතිවරයා පැවැසීය.

මුව ආවරණ රැුගෙන ආ වාහනේ රියැදුරු ලෙස සිට ඇත්තේ එම කාන්තාවගේ දෙවෙනි පුත‍්‍රයා බවත් විමර්ශන වලදී හෙළි වී ඇත. එම කාන්තාවගේ පුත‍්‍රයාට කොරෝනා ආසාදනය වී ඇතිද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා අයි.ඞී.එච්. රෝහලට ඇතුළත් කර ඇත. අවස්ථා දෙකකදී ඔහු පරීක්ෂාවට ලක් කර ඇති අතර එම පරීක්ෂණවලදී ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී නොමැත. නමුත් ඔහු සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. නිරෝධායනයට ලක් කළ පිරිස වැල්ලවත්ත සහ කළුබෝවිල පදිංචිකරුවන්ය .

කොහුවල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එච්.හැරිසන් මහතාගේ ප‍්‍රධානතත්වයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ.

දිවයින


No comments:

Post a Comment

Post Bottom Ad