රංගන ශිල්පී ශ්‍රී ලාල් අබේකෝන් (කෝපි කඩේ අප්පුවා) අභාවප්‍රාප්ත වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 16, 2020

රංගන ශිල්පී ශ්‍රී ලාල් අබේකෝන් (කෝපි කඩේ අප්පුවා) අභාවප්‍රාප්ත වෙයි

නප්‍රිය රංගන ශිල්පී ශ්‍රීලාල් අබේකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙයි. කෝපි කඩේ ටෙලි නාට්‍ය මාලාවේ අප්පුගේ චරිතය නිසා ඔහු කලක් ප්‍රකට විය.

කලක සිට වරින්වර අසනීප තත්ත්ව පෙන්නුම් කර ඇති ඔහු ඊයේ රෝහල් ගත කරන අවස්ථාවේ මියගොස් තිබේ.
අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ශ්‍රී ලාල් අබේකෝන් ගායනයටද දක්ෂතා දැක්වූ අයෙකි.

අබේපුස්ස බෝතලේ පහළගම මාදෙනිය වත්ත පදිංචිව සිටි මිය ගිය ශ්‍රීලාල් මහතා 66 හැවිරිදි දෙදරු පියෙකි .
වසර පහක පමණ කාලයක සිට අසනීප තත්ත්වයෙන් පෙළුණු ශ්‍රීලාල් මහතා ගතවූ මාස දෙකේ දී දැඩි ලෙස ගිලන්ව වතුපිටිවල මීරිගම හා රාගම රෝහල්වල ප්‍රතිකාර ලැබ ඇත.

දින පහක් තිස්සේ රාගම මහ රෝහලේ ප්‍රතිකාර ලබා ඇති ශ්‍රී ලාල් මහතා දෙදිනකට පෙර ඔහු පදිංචිව සිටි මීරිගම තවලම්පිටිය නිවසට පැමිණ ඇත මෙසේ සිටින අතර ඊයේ (16) යළි රෝගාතුර වීමෙන් පසු සුව සැරිය ගිලන් රියකින් මිරිගම රෝහලට ඇතුලත් කරන අවස්ථාවේ මරණයට පත්ව ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් කීය.

මීරිගම හදිසි මරණ පරීක්ෂක තුසිත ප්‍රමෝද් විජේවර්ධන මහතා ඉදිරියේ ඊයේ 16 සවස මරන පරීක්ෂණය පැවැත්විනි. පශ්චාත්මරන පරීක්ෂණ ය අද 17 වතුපිටිවල මුලික රෝහලේදී සිදු කරනු ඇත.

දේහය පිළිබඳ අවසන් කටයුතු අද 17 මීගමුව දී සිදු කිරීමට අදහස් කරන බව ශ්‍රී ලාල් මහතාගේ බිරිඳ ඩොමිනිකා වාසනා මිතානි විජේනායක මහත්මිය පැවසුවාය.


No comments:

Post a Comment

Post Bottom Ad