කොරෝනා වක‍්‍රය ලංකාවේදී සමතලා වෙයි.. රට යලි පණගන්වන හැටි ජනපති කියයි… සියළු දිසාපතිවරුන් කොළඹට කැදවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 17, 2020

කොරෝනා වක‍්‍රය ලංකාවේදී සමතලා වෙයි.. රට යලි පණගන්වන හැටි ජනපති කියයි… සියළු දිසාපතිවරුන් කොළඹට කැදවයි

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට සඳහා ආර්ථිකය නැවත පණ ගැන්වීම පිණිස වූ උපායමාර්ගය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඇතුළු රජයේ ප්‍රධාන නිලධාරින් සමග පසුගිය සතියේ සාකච්ඡා කිහිපයක්ම පවත්වනු ලැබිය.

මේ අතර රටපුරා සියලුම දිසාපතිවරුද අතර විශේෂ හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෙට දිනයේ පැවැත්වීමට නියමිතව ඇත.

අඩු අවදානම් දිස්ත්‍රික්කවල සේවකයන් 50% එක්වර සේවයට කැඳවීම සහ අධි අවදානම් කලාපවල ආයතනවල සේවකයන් 20% එකවර සේවයට කැඳවීමට සූදානමක් ඇති බැවින් එම තීරණය ක්‍රියාත්මක කිරීමට පෙර තත්ත්වය සමාලෝචනය කිරීම දිස්ත්‍රික් ලේකම්වරුන් මෙසේ කැදවා ඇතැයි සදහන්ය.

හෙට පැවැත්වෙන මෙම සාකච්ඡාවෙන් පසු රාජ්‍ය ආයතන වල ඉදිරි කටයුතු පිළිබඳව චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad