සමගි ජන බලවේගය චම්පිකගේ දේශපාලන ගමනට විරෝධය දක්වයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 4, 2021

සමගි ජන බලවේගය චම්පිකගේ දේශපාලන ගමනට විරෝධය දක්වයි

ම්පික රණවක මන්ත්‍රීවරයා 43 සේනාංකය නමින් වෙනම දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීම සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායමේ බලවත් විරෝධයට ලක්ව ඇතැයි වාර්තා වනවා.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට විපක්ෂ නායක සජිත්​ ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ඊයේ (4 වැනිදා) සවස පැවැත්වුණා.

චම්පික රණවක මන්ත්‍රීවරයාගේ මූලිකත්වයෙන් ආරම්භ කොට ඇති 43 ව්‍යාපාරය කුමක්දැයි ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා එහිදී ප්‍රශ්න කොට ඇති අතර ඊට පිළිතුරු දෙමින් චම්පික රණවක මන්ත්‍රීවරයා පවසා ඇත්තේ එම ව්‍යාපාරය සංවිධානය කොට ඇත්තේ සමගි ජන බලවේගයට සෘජුව එක්වීමට අකමැති අය එක්කර ගැනීම සඳහා බවයි.

එහෙත් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සරත් ෆොන්සේකා, ඉමිතියාස් බාකීර් මාකර් ඇතුළු මන්ත්‍රීවරුන් ගණනාවක්ම ඊට විරෝධය පළ කර තිබෙනවා.

ඔවුන් සියලුදෙනාගේම මතයවී ඇත්තේ කුමන දේශපාලන ව්‍යාපාරයක් වුවද පක්ෂයට අනුබද්ධ සංවිධානයක් ලෙස පවත්වාගෙන යා යුතු බවයි.

තමන් වෙනම දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීම ගැන නිදහසට කරුණු දැක්වීමට චම්පික රණවක මන්ත්‍රීවරයා දිගින් දිගටම උත්සාහ කොට ඇතත් සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා ඇතුළු මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ පක්ෂයේ වෙනම කණ්ඩායම් බිහිකිරීම පක්ෂ විරෝධී කටයුත්තක් බවයි.

එසේම මේ මොහොතේ පක්ෂය සමග එක් නොවන පිරිස් අනාගතයේ එක්වනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බවද සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දී තිබෙනවා.


No comments:

Post a Comment

Post Bottom Ad