කොරෝනා බි‍්‍රතාන්‍ය ප‍්‍රභේදය ලංකාවේ.. විශාල ලෙස රෝගීන් හා මරණ ඉහල යාවි.. සෞඛ්‍ය පද්ධතිය බිද වැටේවි - සෞඛ්‍ය ප‍්‍රධානීන් දැනුම් දේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 13, 2021

කොරෝනා බි‍්‍රතාන්‍ය ප‍්‍රභේදය ලංකාවේ.. විශාල ලෙස රෝගීන් හා මරණ ඉහල යාවි.. සෞඛ්‍ය පද්ධතිය බිද වැටේවි - සෞඛ්‍ය ප‍්‍රධානීන් දැනුම් දේ !

එංගලන්තයේ පැතිරී යන කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේදය ශ්‍රී ලංකාවේදීද වාර්තා වී තිබීම විශේෂ තත්වයක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

එහි ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පෙන්වා දෙන්නේ මෙම වෛරසය ඉතා වේගෙන් පැතිරීමට හැකියාව ඇති නිසා මෙරට රෝගීන් ප්‍රමාණය ඉහල යනු ඇති බවයි.

ඉන් අසාධ්‍ය රෝගීන් ප්‍රමාණය ද විශාල ලෙස ඉහල යා හැකි බවත් මරණ ප‍්‍රමාණයද විශාල ලෙස ඉහල යා හැකි බවත් ඔහු අනතුරු ඇගවයි.

එම තත්වය මෙරට සෞඛ්‍ය පද්ධතියට දරා ගැනීමට අසීරු බවත් ඔහු අනතුරු ඇඟවීය.

මෙම වෛරස් ප‍්‍රභේදය විශාල වශයෙන් පැතිරීමට ගියොත් බරපතළ තත්ත්වයක් උද්ගත වනු ඇතැයිද ඒ මහතා කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad