වරාය ගැන මහින්ද තංගල්ලේ සිට අන්තිම තීන්දුව දෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 31, 2021

වරාය ගැන මහින්ද තංගල්ලේ සිට අන්තිම තීන්දුව දෙයි

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීම හෝ බදු දීම කිසිවිටෙකත් සිදුනොකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(31) තංගල්ල කාර්ල්ටන් නිවෙසේදී පැවසුවේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවැසූයේ තංගල්ල කාර්ල්ටන් නිවෙසේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසුවේය.

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ප්‍රශ්නයට ඇත්ත වශයෙන්ම විපක්ෂය අපිට චෝදනා කරන්න දෙයක් නැහැ. අපි වරාය කාටවත් දෙන්නෙත් නැහැ. විකුණන්නෙත් නැහැ. බදු දෙන්නෙත් නැහැ. එය අපේ පාලනය යටතේ තිබෙනවා. මම හිතන්නේ වෘත්තිය සමිති ඒක දන්නවා. අපි බොහොම පැහැදිලිව වෘත්තීය සමිතිවලට කියන්නේ අපි මේ පිළිබඳව සාකච්ඡාවක්වත් කරලා නැහැ එහෙම දෙනවද කියලා. ඒ නිසා මේ ගැන ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. අපි කීයටවත් දෙන්නෙත් නැහැ.

වැඩ වර්ජන කරන්න දෙයක් නැහැ. මට ඇවිත් කිව්වා නම් මම ඇත්ත පැහැදිලි කරලා දෙනවා.  කැබිනට් මණ්ඩලයේ බහුතරයක් ඉන්නේ විකුණන්න ඕනෑ නැහැ කියන පදනමේ. ජනාධිපතිතුමා ඉන්නෙත් ඒ මතයේ. දේපළ විකිණීම අපේ ප්‍රතිපත්තිය නෙවෙයි. ඒ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනියන්න නෙවෙයි අපිට බලය දී තිබෙන්නේ යැයි ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය. 

-mawratanews


No comments:

Post a Comment

Post Bottom Ad