GMOA ලොක්කන්ට පොහොට්ටුවෙන් මන්ත්‍රී ධූර - බැසිල් කළ හෙළිදරව්ව - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 8, 2021

GMOA ලොක්කන්ට පොහොට්ටුවෙන් මන්ත්‍රී ධූර - බැසිල් කළ හෙළිදරව්ව

සුගිය මහමැතිවරණයේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට (GMOA) පොදුජන පෙරමුණෙන් මන්ත්‍රී ධූර ලබාදුන් බව එම පක්ෂයේ නිර්මාතෘ හා ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි. GMOA ප්‍රධානීන් පොදුජන පෙරමුණේ දේශපාලන කටයුතුවල යෙදෙන බව මෙසේ පළමුවරට බැසිල් රාජපක්ෂ මහතා හෙළිදරව් කළේ පසුගියදා හිරු නාලිකාවේ පැවැති දේශපාලන වැඩසටහනකදීය.

"GMOA එක අපෙන් ඉල්ලුවා අපේක්ෂක ධූර ගණනක් ඒකත් අපි දුන්නා. මේවා ඔක්කොම බෙදා හදාගෙන තමා ඉදිරියට යන්නේ" යැයි බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

බැසිල් රාජපක්ෂ මහතාගේ මෙම ප්‍රකාශය ප්‍රතික්ෂේප කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැත.


No comments:

Post a Comment

Post Bottom Ad