මාකඳුරේ මධූෂ්ගේ අනියම් බිරිඳගේ පුංචිඅම්මා යන තැනැත්තියගේ නිවසේ තිබී වාහන දෙකක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් අද (13) සොයා ගෙන තිබේ.
කැලණිය, ගෝනවල නිවසක තිබී මෙම වාහන අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.
එහිදි සොයා ගත් KDH වර්ගයේ වෑන් රථය අනියම් බිරිඳගේ මවගේ නමට ලියාපදිංචි කර ඇති බව ද පොලීසිය සඳහන් කරයි.
එහිදී සොයා ගත් අනෙක් වාහනය වන්නේ ප්‍රාඩෝ වර්ගයේ ජිප් රථයකි.
එය මාකඳුරේ මධූෂ්ගේ අනියම් බිරිඳගේ බාප්පාගේ නමට ලියාපදිංචි කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
No comments:
Post a Comment