"නායකයෙක් කියන්නෙ වැරදි නිවැරදි කරන කෙනෙක් මිසක් වැරදි අනුන් පිට පටවන කෙනෙක් නෙවෙයි" - හෙක්ටර් අප්පුහාමි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 13, 2019

"නායකයෙක් කියන්නෙ වැරදි නිවැරදි කරන කෙනෙක් මිසක් වැරදි අනුන් පිට පටවන කෙනෙක් නෙවෙයි" - හෙක්ටර් අප්පුහාමි

රටට නායකත්වයක් ලබා දීම වෙනුවෙන් 2015 වසරේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත්කර ගැනුනත් ඔහු කටයුතු කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිධුරය ආරක්ෂා කරගනිමින් එම පක්ෂයේ අනාගතය තහවුරු කරගැනීමට බව එක්සත් ජාතික පක්ෂය චෝදනා කරනු ලැබිය.
"රට ඉස්සරහට ගෙනියනවට වඩා එතුමා පක්ෂය ගැන හිතපු නිසා අපිට අද ප්‍රශ්න ගොඩකට මුහුණ පාන්න සිද්ධ වෙලා තියනවා."යැයිද ඒ මහතා පැවසිය.
 
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා ඒ බව සඳහන් කළේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
 
රටටත්, ජනතාවටත්, ආණ්ඩුවටත් නායකත්වය ලබාදීම සඳහා ජනාධිපතිවරයා පත් කර ගැනුනද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තු වු අරමුණ ඉටු නොවු බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ එම අඩුපාඩුව අද වනවිට රටේ සමස්ත ජනතාවටම දැනී ඇති බවයි.
 
රටක නායකත්වය දැරීම යනු තව කෙනෙකුට ඇඟිල්ල දිගු කිරීම හෝ යමක් වැරදුණු පසු එය තවෙකෙකුගේ කරපිට පැටවීම නොවන බවත් රටක නායකයා කටයුතු කළයුත්තේ වැරදි නිවැරදි කරමින් අනෙකාට මග පෙන්වමින් බවත්, තමා නායකත්වය දෙන රජය යටතේ සිදු කරන යහපත් කටයුතුවල කීර්තිනාමය අත්පත් කර ගැනීමට මෙන්ම තමා නායකත්වය දෙන රජය යටතේ සිදුවන වැරදිවල වගකීමෙන් කොටසක් භාර ගැනීමට ද රටේ නායකයා නිහතමානී විය යුතු බව ද හෙක්ටර් අප්පුහාමි මහතා සඳහන් කරනු ලැබිය.
 
"මේ කොටස් දෙකම කරන්න ඕන. ඒ දෙකෙන් එකක් විතරක් කරන්න බෑ" හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad