රාජ්‍ය තොරතුරු කේන්ද්‍ර වෙබ් අඩවියේ අසත්‍ය තොරතුරු - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 13, 2019

රාජ්‍ය තොරතුරු කේන්ද්‍ර වෙබ් අඩවියේ අසත්‍ය තොරතුරු

රාජ්‍ය තොරතුරු කේන්ද්‍ර වෙබ් අඩවියේ අසත්‍ය තොරතුරු

ජනතාවට රාජ්‍ය තොරතුරු ලබාගැනීමට තිබෙන නිල වෙබ අඩවිය රාජ්‍ය තොරතුරු කේන්ද්‍ර වෙබ් අඩවියයි.

වගකීමක් සහිතව නිවැරදි තොරතුරු ලබාදෙන රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ මේ වන විට දත්තයන් වැරදි ඒවා බවට පත් වී ඇත.

උදාහරණයක් ලෙස රාජ්‍ය තොරතුරු කේන්ද්‍ර වෙබ් අඩවිය හරහා විදේශ කටයුතු අමාත්‍යංශය යනුවෙන් සෙවීමක් කළ විට ඉන් ලබාදෙන තොරතුරු අසත්‍ය වේ.

විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස අකුරෙන් ගරු මංගල සමරවීර මැතිතුමා යනුවෙන් සදහන් කර ඇති අතර, ඊට අදාළ ඡායාරූපයේ සිටින්නේ තිලක් මාරපන මහතාය.

වත්මන් ආණ්ඩුවට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා කටයුතු කරනු ලබන්නේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙසයි.

එමෙන්ම තිලක් මාරපන මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරනු ලබයි. 

රාජ්‍ය තොරතුරු කේන්ද්‍ර වෙබ් අඩවියට අනුව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස අකුරෙන් ගරු. (ආචාර්ය) හර්ෂ ද සිල්වා මැතිතුමා ලෙස පෙන්නුම් කර ඇති අතර, ඊට අදාළ ඡායාරූපයේ සිටින්නේ වසන්ත සේනානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයායි.

හර්ෂ ද සිල්වා මහතා වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලබයි.

එමෙන්ම රාජ්‍ය තොරතුරු කේන්ද්‍ර වෙබ් අඩවියට අනුව විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් ලෙස අකුරින් චිත්‍රාංගනී වාගීශ්වර මහත්මිය ලෙස පෙන්නුම් කරන අතර, ඊට අදාළ ඡායාරූපයේ සිටින්නේ ප්‍රසාද් කාරියවසම් මහතායි.

No comments:

Post a Comment

Post Bottom Ad