පාතාල නායක මාකඳුරේ මධුෂ් සහ ජනප්‍රිය ගායක අමල් පෙරේරා යන දෙදෙනා සමඟ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා කුමන ආකාරයේ සබඳතාවක් පැවැත්වුයේද යන්න පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට ජාත්‍යන්තර පොලීසිය හරහා කටයුතු කරන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (13) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතාට දැනුම් දුන්නේ ය.
මේ වන වන විට මාකඳුරේ මධුෂ් නැමැති පාතාල නායක සහ ජනප්‍රිය ගායක අමල් පෙරේරා ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින අතර ඔවුන් සමඟ පසුගිය කාලයේදී හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා සබඳතා පවත්වා ඇති බවට ලැබෙමින් පවතින තොරතුරුවලට අදාලව ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය කටයුතු ජාත්‍යන්තර පොලීසියේ මැදිහත්වීමෙන් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ ය.
2016 වසරේදී ජනප්‍රිය ගායක අමල් පෙරේරා සහ හිටපු නියෝජ පොලිස්පතිවරයා සමඟ දැඩි සබඳතාවක් තිබී ඇතැයි ද කරුණු අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දැක්වීය.
එම දෙපාර්තමේන්තුව අධිකරණයේදී අනාවරණය කළේ, 2016 වසරේ ජුලි මස 21 වන දා ගායන ශිල්පී අමල් පෙරේරා මහතා හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා හමු වීමට ඔහුගේ කාර්යාලයට පැමිණ ඇති බව ය.
ඒ තුළින් ඔවුන්ගේ සබඳතාව පිළිබඳව පැහැදිලි වන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය.
එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ අමල් පෙරේරා මහතා නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කාර්යාලයට පැමිණි අවස්ථාවේ එහි රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයෙකු කුමන කාරණයකට පැමිණියේ දැයි අමල් පෙරෙරා මහතාගෙන් විමසීමක් කර ඇති බව ය.
නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා එම අවස්ථාවේ කෝපයට පත්ව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේදී ප්‍රකාශ කළේ ය.
එමෙන් ම අදාළ පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදු කර ඔහු පුහුණුවකට අනුයුක්ත කර ගල්කිස්ස පොලිස් ස්ථානයට මාරු කිරීම ඇතුළු දඬුවම් 3ක් ලබා දී ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය.
ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණ සැලසුමට අදාල නඩුව ඊයේ කැඳවු අවස්ථාවේදී මෙම කරුණු අධිකරණයට වාර්තා කළේය.
No comments:
Post a Comment