හෙට උතුරේ පාසල් නිවාඩු - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 3, 2019

හෙට උතුරේ පාසල් නිවාඩු

හෙට උතුරේ පාසල් නිවාඩු

අදට යෙදී ඇති මහා ශිව රාත්‍රි දිනය නිමිත්තෙන් උතුරේ සියලු පාසල් වෙත අතිරේක නිවාඩු දිනයක් ලෙස හෙට දිනයේ නිවාඩු ලබා දීමට  තීරණය කර තිබේ.

උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් මහතා සහ පළාත් අධ්‍යාපන නිළධාරීන් සමඟ පැවති සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙයි.

එම නිවාඩු දිනය වෙනුවට සතියේ වෙනත් නිවාඩු දිනයක උතුරේ සියලු පාසල් පැවැත්වීම පිළිබඳ දැනුම් දෙන බව ආණ්ඩුකාර කාර්යාලය ප්‍රකාශ කර තිබේ.

දෙමළ ජනතාවගේ වසරේ ප්‍රධාන සැමරුමක් වන ශිව රාත්‍රී දිනය අදට යෙදී ඇති බැවින් ඒ වෙනුවෙන් සියලු පාසල් නිවාඩු දිනයක් ලෙසට ප්‍රකාශයට පත් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad